නිදහස් සැමරුමේ වියදම් කපයි . . .

නිදහස් උළෙල සැමරීමට අවශ්‍ය වියදම් ඇස්තමේන්තු ගත කිරීමේදී හා වියදම් කිරීමේදී රටේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීම දේශපාලන අධිකාරියේ සේම නිලධාරීන්ගේ ද වගකීමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

75 වන නිදහස් දින උත්සවය සැමරීමට වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් ජනතාවගේ දැවැන්ත විරෝධයක් පවතින බව කී ජනාධිපතිවරයා ඒ කෙරෙහිද දැඩි අවධානය යොමු කරමින් වියදම් අවම කර ගැනීමට කටයුතු කරන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

නිදහස් දින සැමරුම් උත්සවය උත්කර්ෂවත් මෙන්ම අභිමානවත් ලෙස අවම පිරිවැයක් යටතේ සැමරීම සම්බන්ධයෙන් වූ පූර්ව සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර ජනාධිපතිවරයා එහිදී මේ බව සඳහන් කළේය.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බදු පිළිවෙතට එරෙහිව ආයතන රැසක විරෝධතා . . .

Thu Jan 26 , 2023
රාජ්‍ය බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් රාජ්‍ය, සංස්ථා හා මණ්ඩලවල සේවක සේවිකාවන් විශාල පිරිසක් ඊයේ (ජන. 25) රටපුරා උද්ඝෝෂණයක නිරත වූහ. ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන් ද කළු කොඩි ඔසවා විරෝධය පළ කළ අවස්ථාවේ පොලිසිය පැමිණ එම කළු කොඩි ගලවා ඉවත් කිරීමෙන් පසු බැංකු සේවකයන් පොලිසිය වෙතින් එම කොඩි ලබාගෙන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x