ජනවාර්ගික ගැටලූව සම්බන්ධයෙන් ජූලි 30 වැනිදා පෙර අවසන් විසදුමක් ලබා නොදුනහොත් යළිත් ආණ්ඩුව හා සාකච්ඡාවලට සහභාගි නොවන බව දෙමළ ජාතික සන්ධානය , ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ  හමුවේ ප‍්‍රකාශ කර තිබේ. ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ ආණ්ඩුව හා පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවති සාකච්ඡාවේදි මේ බව අවධාරණය කළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු […]

නුවරඑළිය නගරයේ මහල් හතරට වැඩි ඉදිකිරීම් මින් ඉදිරියට තහනම් කරමින් කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබේ. උස ගොඩනැගිලි ඉදිකිරීමෙන් එම නගරය අවලස්සන වී ඇතැයි පෙන්වා දී ඇති ජනාධිපතිවරයා කඩිනමින් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලෙසට ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත දැනුම් දී ඇත. නුවරඑළිය නගරය තුළ විශාල […]

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව රහස් පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත. මෙම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මෙරට දේශපාලන පක්ෂයකට සම්බන්ධ පිරිසක් විදේශයකදී සාකච්ඡා පවත්වා ඇති බවට ද තොරතුරු හෙළි වී තිබේ. සති දෙකක කාලයක් ඇතුළත ජනාධිපතිවරයා ඝාතනය කිරීමට එම පිරිස සාකච්ඡා කර ඇති බව වාර්තා වී ඇත. මෙම සිද්ධියට සම්බන්ධ දේශපාලන ක්‍රියාකාරීන් […]

නිදහස් උළෙල සැමරීමට අවශ්‍ය වියදම් ඇස්තමේන්තු ගත කිරීමේදී හා වියදම් කිරීමේදී රටේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීම දේශපාලන අධිකාරියේ සේම නිලධාරීන්ගේ ද වගකීමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. 75 වන නිදහස් දින උත්සවය සැමරීමට වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් ජනතාවගේ දැවැන්ත විරෝධයක් පවතින බව කී ජනාධිපතිවරයා ඒ […]

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි නැවතත් මුදල් අමාත්‍ය ධුරයට පත් කිරීම සඳහා යෝජනා වී ඇත. 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ප්‍රතිපාදන හේතුවෙන් ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමති ධූරය හැර වෙනත් ඇමති ධුරයක් දැරීමට නොහැකි වීම මීට හේතු වී තිබේ. දැනට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල් හා ආර්ථික ප්‍රතිපත්ති ඇමති ධූරය ද දරයි. අයවැය […]

යාල, විල්පත්තු. හෝර්ටන් තැන්න, ඇතුළු ජාතික වනෝද්‍යාන තුළට ලියාපදිංචි සෆාරි වාහන හැර වෙනත් කිසිදු වාහනයක් ඇතුළත් කළ නොහැකි වන පරිදි පරිසර ආරක්ෂණය පිළිබඳ නව නීති ඇතුළත් නව පනතක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් පරිසර අමාත්‍යාංශය ඇතුළු අදාළ අංශ වෙත නියෝග කර තිබේ. වනෝද්‍යානවලට එමෙන්ම ශ්‍රී පාද රක්ෂිතය, සිංහරාජය වැනි පාරිසරික වශයෙන් වැදගත් වන ස්ථාන සුරැකීම […]

  සෘජු බදු අයකිරීම්  20% කට වඩා ඉහළදැමිය යුතු බවට IMF සංවිධානය පෙන්වා දුන් බව ජනාධිපතිවරයා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ බදු සංශෝධනය පිළිබඳව සිදුකළ විශේෂ ප්‍රකාශයේදීය. ඒ අනුව 2026 වනවිට දළ දේශීය නිෂ්පාදනය 14.5% ත් 15% ත් අතර ආදායම ලබාගැනීමේ ඉලක්කය කරා යෑම සඳහා 100,000/= ට වැඩි ආදායමක් […]

වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 22 වන සංශෝධනයට අදාළව සිදු වූ සාකච්චාවකදී මන්ත්‍රීවරුන් කළ විමසීමකට ප්‍රතිචාර ලෙස ජනාධිපතිවරයා මෙසේ සඳහන් කර ඇත. 19 සංශෝධනයෙන් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය වසර හතරහමාරක් දක්වා වැඩි කර තිබුණද 20 වන සංශෝධනය මගින් එය […]

දේශීය සනීපාරක්ෂකතුවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය බදුවලින් නිදහස් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඔක්තොම්බර් මස 07 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පොලිතීන් පටල සහ පොලිප්‍රොප්ලීන් පටල යටතේ වර්ගීකරණය වන අමුද්‍රව්‍ය ආනයනය […]

තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අද (03) දිනයේ දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව මන්ත්‍රීවරුන් 10 දෙනෙකු කැබිනට් අමාත්‍යවරු ලෙස දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ. මෙලෙස දිවුරුම් දීමට නියමිත අමාත්‍යවරුන් සියලුදෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් බවද වාර්තා වේ. කෙසේවෙතත් දිවුරුම් දීම සිදුවන වේලාව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.