පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නැහැ . . .

වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

22 වන සංශෝධනයට අදාළව සිදු වූ සාකච්චාවකදී මන්ත්‍රීවරුන් කළ විමසීමකට ප්‍රතිචාර ලෙස ජනාධිපතිවරයා මෙසේ සඳහන් කර ඇත. 19 සංශෝධනයෙන් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය වසර හතරහමාරක් දක්වා වැඩි කර තිබුණද 20 වන සංශෝධනය මගින් එය යලි වසර දෙකහමාර දක්වා අඩු කරන ලදි.

නමුත් 22 වන සංශෝධනයේ ඒ සම්බන්ධයෙන් කිසිදු සදහනක් කර නොතිබීම මත වසර දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවීමට බලය ජනාධිපතිවරයාට ලැබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අප දැන් සිටින්නේ බරපතළ මූල්‍ය අර්බුදයක, දිනේෂ් ගුණවර්ධන පවසයි . . .

Tue Oct 18 , 2022
දේශපාලන න්‍යායන්ගෙන් තොරව ගමේ බලය රටේ ආර්ථික පරිපාලනය බවට පත්කරගත යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි. කළුතර දිස්ත්‍රික් ජාතික ආහාර සුරක්ෂිතතා ප්‍රගති සමාලෝචන රැස්වීම සහ දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු රැස්වීම කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත් වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය. අප දැන් සිටින්නේ බරපතළ මූල්‍ය අර්බුදයක මෙන්ම විශාල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x