තට්ටු හතරට වැඩි ගොඩනැගිලි ඉදිකිරීම තහනම් . . .

නුවරඑළිය නගරයේ මහල් හතරට වැඩි ඉදිකිරීම් මින් ඉදිරියට තහනම් කරමින් කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබේ.

උස ගොඩනැගිලි ඉදිකිරීමෙන් එම නගරය අවලස්සන වී ඇතැයි පෙන්වා දී ඇති ජනාධිපතිවරයා කඩිනමින් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලෙසට ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත දැනුම් දී ඇත. නුවරඑළිය නගරය තුළ විශාල ගොඩනැගිලි ඉදිකිරීම නිසා නගරය විනාශ වී ඇතැයි පෙන්වා දී ඇති රනිල් වික්‍රමසිංහ ඒ අනුව, අවිධිමත් ලෙස ගොඩනැගිලි ඉදි කරනවා වෙනුවට නිසි සැලැස්මකට අනුව ගොඩනැගිලි ඉදි කරන ලෙසට උපදෙස් ලබා දී තිබේ.

ආයෝජකයන්ට හෝ වෙනත් කිසිදු පාර්ශ්වයකට අවශ්‍ය පරිදි නුවරඑළිය නගරයේ සම්පත් විනාශ කිරීමට ඉඩදිය නොහැකි බව ත් පරිසර හිතකාමී සංවර්ධනයක් එහි ඇති කළ යුතු බව ත් හෙතෙම අවධාරණය කර ඇත. නගරය තුළ විශාල ගොඩනැගිලි ඉදි නොකර සංචාරකයන්ට විවේකයෙන් ගත කළ හැකි සෞම්‍ය පරිසරයක් සහිත සැලසුම් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පෙරේදා (අප්‍රේල් 10) පැවති නුවරඑළිය නගර සංවර්ධන සැලැස්ම හා නුවරඑළිය සංචාරක සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර ඇත.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සජිත් අගමැති කරන්න රනිල් සූදානම් . . .

Fri Apr 14 , 2023
සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට අග්‍රාමාත්‍ය ධූරය ලබා දීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසූ බව රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් යන මන්ත්‍රීවරුන් විසින් සඳහන් කර තිබේ. සුළු ජාතික පක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කර ඇත. එහිදී සුළු ජාතික පක්‍ෂ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x