සජිත් අගමැති කරන්න රනිල් සූදානම් . . .

සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට අග්‍රාමාත්‍ය ධූරය ලබා දීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසූ බව රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් යන මන්ත්‍රීවරුන් විසින් සඳහන් කර තිබේ.

සුළු ජාතික පක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කර ඇත. එහිදී සුළු ජාතික පක්‍ෂ නියෝජිතයන් සඳහන් කර ඇත්තේ වත්මන් ආණ්ඩුවට සහාය දීමට ඕනෑම අවස්ථාවක සුළු ජාතික පක්ෂ ලෙස සූදානම් බවයි.

නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ඔවුන්ට පෙරළා ප්‍රතිචාර දක්වා ඇත්තේ තනි තනි පුද්ගලයන් හෝ තනි තනි පක්ෂ ලෙස නොව කණ්ඩායමක් ලෙස ම සජිත් ප්‍රේමදාස  ද සමග ආණ්ඩුවට සහයෝගය දීම වඩාත් සුදුසු  බවයි. සජිත් ප්‍රේමදාස ට අග්‍රාමාත්‍ය ධුරයද ලබාදීමට සූදානම් බවද රනිල් වික්‍රමසිංහ ඔවුනට සඳහන් කර තිබේ.

රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් මන්ත්‍රීවරුන් විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  වෙත මේ බව දැනුම් දී ඇති බවද නෙත් ගුවන් විදුලිය වාර්තා කළේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජැක්සන් ඇන්තනි ජාතික රෝහලේ සුවය ලබමින් සිටි . . .

Fri Apr 14 , 2023
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සුවය ලබමින් සිටින බව ඔහුගේ දියණිය මාධවී වත්සලා ඇන්තනී සඳහන් කරයි. රෝහල් කාර්ය මණ්ඩලය ද තම පියාට බොහෝ ආදරය දක්වන බවත් බොහෝ ආදරයෙන් ඔහුව බලා ගනිමින් සිටින බවත් ඇය පැවසුවාය. හැකි හැම අවස්ථාවකදීම තම පියා බැලීමට යන බවත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x