භාණ්ඩ සොරා ගෙන පැන ගිය පොලිස් කොස්තාපල් . . .

සතොස වෙළඳ සැලකින් භාණ්ඩ සොරා ගෙන පැන ගියේ යැයි ගැන පොලිස් කොස්තාපල්වරයෙකු වත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මඩවල ප්‍රදේශයේ පිහිටි සතොස වෙළඳසැලකින් කොස්තාපල්වරයා රුපියල් 1900 භාණ්ඩ සොරාගෙන ගියේ යයි ලද පැමිණිල්ලක් මත මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් දිනක මෙම වෙළඳසැල පැමිණි කොස්තාපල්වරයා බඩු භාණ්ඩ ලබා ගෙන ඒ සදහා මුදල් නොගෙවා යතුරුපැදියේ නැගී පලාගොස් ඇතැයි එහි කළමනාකාරවරයා වත්තේගම පොලිසියට පැමිණිලි කර තිබේ.

මේ වන විට කොස්තාපල්වරයා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රුපියල ශක්තිමත්වේ . . .

Thu Mar 9 , 2023
ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අද දිනයේ තවදුරටත් ශක්තිමත් වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාතිකය අනුව අද ඩොලරයක ගැනුම් මිල වන්නේ රුපියල් 307.36කි. විකුණුම් මිල රුපියල් 325.52කි. මහජන බැංකුවේ ඩොලරයක ගැණුම් මිල රුපියල් 300.29 දක්වා පහළ වැටී තිබේ. ඒ සමගම වෙනත් බැංකුද ඒ හා සමාන මිල ගණන්වලට ඩොලරයක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x