අල කන්ටේනරයක කුඩු කිලෝ 16ක් . . .

අර්තාපල් ආනයනය කරන ලද කන්ටේනරයක සඟවා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 16ක් මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් එම බහාලුම නිෂ්කාශනය සඳහා සූදානම්ව සිටි ආයතනයේ හිමිකරු ඇතුළු තිදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

එම තිදෙනා අතර ආයතනයේ හිමිකරුට අමතරව ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පුද්ගලයකුද අර්තාපල් සහිත බහාලුම යොමු කිරීම සඳහා සූදානම් කර තිබූ ගොකරැල්ල ප්‍රදේශයේ පිහිටි ස්ථානයක නම සහ ලිපිනයට අදාළ පුද්ගලයා ද මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් අවුරුදු 27, 37 සහ 50 වයස්වල පසුවන අතර කොළඹ සහ ගොකරැල්ලේ පදිංචිකරුවෝ වෙති.

සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මෙම හෙරොයින් ජාවාරමට සම්බන්ධ පකිස්තාන ජාතිකයකුගේ තොරතුරු ද අනාවරණය කර ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි වී ඇති අතර තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා සැකකරුවන් මාලිගාවත්ත අධිකරණයට ඉදිරිපත් කොට රැඳවුම් නියෝග ලබා ගැනීමට පියවර ගෙන තිබේ.

ඉකුත් 21 වන දා ශ්‍රී ලංකා රේගු නිලධාරීන් සහ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් පකිස්තානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සැකකටයුතු බහාලුමක් පරීක්ෂා කොට ඒ තුළ සූක්ෂ්ම ලෙස සකස්කර තිබූ පාර්සල් 12ක තිබූ මෙම මත්ද්‍රව්‍ය කිලෝ 16යි ග්‍රෑම් 193 සිය භාරයට ගෙන තිබිණි.

  • Keerthi Mendis
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගයා රම්‍ය අල්විස් දිවි සැරිය නිමා කරයි . . .

Wed Jun 28 , 2023
සම්මානනීය ලේඛකයෙකු, ගේය පද රචකයෙකු සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වන ගයා රම්‍ය අල්විස් අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 52 හැවිරිදි වියේ පසුවිය. ඔහු ජාතික රුපවාහිනියේ නාට්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයෙකු ලෙස මෙන් ම ජාතික රුපවාහිනියේ සමාජ මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කළේ ය. 1994 වසරේදී ඔහු ගුවන් විදුලි සංස්ථාවෙන් හරහා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x