තමන් එල්ටීටීඊ සංවිධානයට බැඳී සටන් කළේ දෙමළ ජනතාවගේ ඉඩම් සිංහල ජනතාව විසින් අත්පත් කරගනු ලැබීම නිසා යැයි තමිල් මක්කල් විඩුදලෙයි පුලිගල් පක්ෂයේ නායක රාජ්‍ය අමාත්‍ය පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පැවසීය. ඔහු මේ බව පැවසුවේ, මඩකළපුව දිස්ත්‍රික් කාර්යාලයේදී ඉකුත් දා (ජූනි 26) පැවති විශේෂ සාකච්ඡාවට සහභාගි වෙමිනි. මඩකළපුව දිස්ත්‍රික්කයට අයත් මහවැලි […]

ඖෂධ නියාමන අධිකාරියේ කාර්යභාර්ය මේ වන විට සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. මේ සම්බන්ධයෙන් මැදිහත් වන්නැයි ජනාධිපතිවරාගෙන් ලිඛිත ඉල්ලීමක්ද සිදුකළ බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ වෛද්‍යවරු අද (28) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය. මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න පවසා […]

ශ්‍රී ලංකාවේ මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති අපනයන ආදායම කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි. එහි සභාපති විරාජ් ද සිල්වා  පැවසුවේ 2022 වසරේ ජනවාරි මස සිට එම වසරේ මැයි මස 31 දක්වා වූ කාලසීමාව තුළදී ලැබූ ආදායම හා සසඳන විට එම අගය සියයට 32කින් […]

පොලීසිය සිදුකළ වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් මුල් කරගනිමින් ප්‍රංශයේ පැරිස් නුවර විරෝධතා ආරම්භ වී තිබේ. අණ නොතකා සිය මෝටර් රථය ධාවනය කළ බවට රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිළධාරියෙකු විසින් අදාල තරුණයාට වෙඩි තැබීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිද්ධියත් සමග පැරිස් නුවර ඇතුළු ප්‍රදේශ […]

කඩදාසි විදුලි බිල්පත වෙනුවට විද්‍යුත් බිල්පතක් හෙවත් ඊ බිල්පතක් නිකුත් කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර ලබන ජූලි මස 1 වැනිදා සිට ආරම්භ කරන බව විදුලිබල මණ්ඩලය පවසයි. පළමු අදියර යටතේ දෙහිවල, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන කොට්ඨාසවල පාරිභෝගිකයන්ට විදුලි බිල්පත ඩිජිටල් ආකෘතියෙන් හෝ ඊමේල් හරහා යොමු කරන බව ද එම මන්ඩලය […]

මත්පැන් නිෂ්පාදනාගාරවලින් අය වියයුතු බදු මුදල් දින 14ක් තුළ ගෙවීමට කටයුතු කරන ලෙස අදාළ සමාගම් වෙත උපදෙස් දී තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ එම සමාගම් වෙත මෙලෙස උපදෙස් ලබාදී ඇති බවයි. එම සමාගම් වෙතින් බදු හා ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් කෝටි 616ක පමණ මුදලක් රජයට අය වියයුතුව ඇති බව […]

ශ්‍රී ලංකා සම්භවයක් සහිත කාන්තාවක් වන තුෂාරා විලියම්ස් මහත්මියට කැනඩා රජයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරය හිමිව තිබේ. පසුගිය 19 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ තුෂාරා විලියම්ස් මහත්මිය කැනඩා රජයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස පත් කර ඇත. කැනඩා රජයේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් හිමිවූ ශ්‍රී ලංකා […]

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර ලබා ගැනීම අනුමත කිරීමට ප්‍රවාහන වෛද්‍යායතනවල වෛද්‍යවරු එකඟතාව පළ කර තිබෙනවා. ලක්ෂ 06ක් පමණ වන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර මෙතෙක් ලබා ගැනීමට නොහැකි වූයේ වෛද්‍යවරුන් ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව අනුමත කරනු නොලැබීම හේතුවෙනි. වෛද්‍යවරුන්ගේ මෙම එකඟතාවද සමග එම පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර ලබා ගැනීමට […]

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඊට අදාල සෞඛ්‍ය අමාත්‍යංශයේ තීරණය අද (28) මෝසමක් මාර්ගයෙන් අභියාචනාධිකරණයට දැනුම් දෙනු ලැබුවා. එහිදී පෙත්සම්කාර වෛද්‍යවරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සඳහන් කළේ මෙම දැනුම්දීම සම්බන්ධයෙන් තම සේවාදායකයින් සෑහීමට පත්වන බවයි. […]

සම්මානනීය ලේඛකයෙකු, ගේය පද රචකයෙකු සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වන ගයා රම්‍ය අල්විස් අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 52 හැවිරිදි වියේ පසුවිය. ඔහු ජාතික රුපවාහිනියේ නාට්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයෙකු ලෙස මෙන් ම ජාතික රුපවාහිනියේ සමාජ මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කළේ ය. 1994 වසරේදී ඔහු ගුවන් විදුලි සංස්ථාවෙන් හරහා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.