වරායේ දින තුනක වැඩ වර්ජනයක් . . .

එළැඹෙන 13, 14, 15 වන දින වරාය තුළ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ. ආණ්ඩුව විසින් පනවන ලද බදු පනතට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිත ප්‍රසන්න කළුතරගේ  කියා සිටියි. 13, 14 දිනවලදී සංකේත වැඩවර්ජනයක් හා 15 වන දින සම්පූර්ණ වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇතැයිද හෙතෙම තවදුරටත් පැවසීය.

එම වර්ජනය හේතුවෙන් වරාය තුළ නැව් මෙහෙයුම් කටයුතු හා බහාලුම් මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම නැවැත්වීමට කටයුතු කරන බවත් ඉන් රටට වන පාඩුවේ වගකීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුව බාරගත යුතු බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කුරුළු උණ බිත්තර ඉන්දියාවෙන් ආනයනය කරයි . . .

Wed Mar 8 , 2023
වෙලද අමාත්‍ය නලින් ප්‍රනාන්දු තම මස්සිනා වුවද ඔහුට ඕනෑ තමන් මරා දැමීමට බව බිත්තර වෙළඳ සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමි සඳහන් කරයි. අමාත්‍යවරයා විසින් සිදු කරන මෝඩ වැඩ නිසා ලංකාවේ බිත්තර කර්මාන්තය විනාශ වෙමින් ඇතැයි ඇතැයිද හෙතෙම චෝදනා කරයි. ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක් වෙමිනි. ඉන්දියාවෙන් බිත්තර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x