අලුත් ක්‍රමයට මෙරටට ගෙන්වූ වාහන නිදහස් කරන හැටි . . .

ඊයේ (9) සිට විදෙස් ශ්‍රමිකයින් වෙනුවෙන් තීරු බදු සහනයක් සහිතව විදුලි වාහන ආනයනය කිරීමේ වැඩසටහන ආරම්භ කර තිබේ. මෙලෙස මෙරටට ගෙන්වන ලද වාහන රේගුව විසින් නිදහස් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත. විදෙශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසා ඇත්තේ පසුගිය වසර අවසානය වනවිට විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 475 දක්වා වර්ධනය වී ඇති බවය.

එලෙස විදේශ ප්‍රේෂණ වැඩිවීමට මෙම වැඩපිළිවෙල ඉවහල් වී ඇති බවද අමාත්‍යවරයා පවසා ඇත. විදේශගත ශ්‍රමිකයින්ගේ මුදල් මෙරට එවීමේදී නීත්‍යානුකූල ලෙස එවන අවස්ථාවන්හිදී එම ප්‍රමාණය මත පදනම්ව විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවිය.

එහිදී අදාළ ශ්‍රමිකයා විසින් මෙරට එවන මුදල් ප්‍රමාණයෙන් අඩකට සමාන CFI වටිනාකමක් සහිත විද්‍යුත් වාහන ගෙනෙවීම සඳහා එමගින් අවසර හිමිවිය. එසේම අදාළ විද්‍යුත් වාහන ගෙන්වීමේදී ගෙවිය යුතුවන බදු මුදල් විදේශ ව්‍යවහාර මුදල් ඒකකයකින් ගෙවීමද සිදුකළ යුතු විය.

විදේශ රැකියා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම වැඩපිළිවෙල සඳහා විදෙස් ශ්‍රමිකයින්ගෙන් සුබවාදී ප්‍රතිචාර ලැබී ඇති බවය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

විදුර වික්‍රමනායකට සහ ඩී. බී. හේරත්ට ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධයක් එල්ලවේ . . .

Sat Mar 11 , 2023
වාරියපොල බමුණුකොටුව වල්පොල ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 250ක වියදමින් ඉදිකළ සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය අමාත්‍ය විදුර වික්‍රමනායක හා අමාත්‍ය ඩී. බී. හේරත්ට ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධයක් එල්ල විය. විරෝධතාවයට එක්වූ පිරිස කියා සිටියේ මෙම ගොඩනැගිල්ල මීට පෙර වාර ගණනාවක් විවෘත කර ඇති බවයි. තවද මෙම මධ්‍යස්ථානය පිහිටි මහකෙළිය කටුපොත මාර්ගය කලක සිට අබලන්ව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x