ඉන්ධන මිල පහළට . . .

ප්‍රමාද වූ නව විදුලි සම්බන්දතා 36,000 ක් සති 6 ක් තුළ ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ ඊයේ පැවති අමාත්‍යංශ උපදේශක කාරක සභා රැස්වීමට එක් වෙමින්.

QR කේතයට අනුව ක්‍රියාත්මක ඉන්ධන කෝටාව යාවත්කාලීන කිරීම අඟහරුවාදාට වෙනස් කළේ සෙනසුරාදා සහ ඉරිදා ඛනිජ තෙල් සේවකයින්ට ගෙවීමට සිදුවන රුපියල් මිලියන මිලියන 20කට ආසන්න අතිකාල වියදම් ඉතිරි කර ගැනීමට බවත් ඇමතිවරයා මෙහිදී පැවසුවා.

මේ වන විට ඩොලරයේ වටිනාකම පහළ යාමත් රුපියලේ වටිනාකම වැඩිවීමත් හේතුවෙන් ලබන මස මුල් සතියේ නියත වශයෙන්ම ඉන්ධන මිල පහළ යන බව රත්නපුර දිස්ත්‍රික් පා.ම. ජානක වක්කුඹුර පවසනවා.

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

නාමල් රාජපක්ෂට ප්‍රබල තනතුරක් හිමි වෙයි . . .

Fri Mar 10 , 2023
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත් කර ඇත. මෙම කමිටුවේ සභාපති ලෙස පත්වීමට ලැබීම ගෞරවයක් බව නාමල් රාජපක්‍ෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා සදහන් කරයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x