සනත්ගේ අඩුව පුරවන්න බිරිය දේශපාලනයට ? . . .

කටුනායක අධිවේගී මාර්ගයේදී සිදු වූ රිය අනතුරින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශන්ත සමග මියගිය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් අනුරාධ ජයකොඩි ගේ ගලගෙදර හෑදෙනියේ පිහිටි නිවසට අමාත්‍ය සනත් නිශාන්ත ගේ බිරිඳ සහ දරුවන් ශෝකය පළ කිරීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඉදිරියේදී දේශපාලනයට එන්නේ දැයි ඇයගෙන් නැගූ පැනයකට සුහදව පිළිතුරක් දෙමින් පවසා සිටියේ එය සිදුවීමටත් නොවීමටත් පුළුවන් බවයි .

එහිදී අමාත්‍ය සනත් නිශාන්ත ගේ බිරිඳ වන නීතිඥ චමරි ප්‍රියංකා පෙරේරා වැඩිදුරටත් පවසා සිටියේ තම සැමියා අමාත්‍ය ධුරයේ සිටියදී අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරිය වශයෙන් සිටිමින් කාන්තා සමිති 500 ක් සමග ඇය වැඩ කළ බවත් පුත්තලමේ ජනතාවගෙන් සහ පක්ෂ නායකත්වයෙන් ආරාධනාවක් ලැබුණහොත් ඒ පිළිබඳව සලකා බලන බවද ඇය පැවසීය .

කෙසේ නමුත් තම ප්‍රධාන ඉලක්කය වන්නේ කුඩා වයසේ සිටින තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ ඔවුන්ගේ අනාගත සුභ සිද්ධිය සඳහා වැඩි කාලයක් යෙදවීමට බවද පැවසීය .

  • ෂේන් සෙනෙවිරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හම්බන්තොට වරායේ කළුගල් අපනයනය කරයි . . .

Tue Jan 30 , 2024
සීමාකාරී තත්ත්වයන්ට යටත්ව කළුගල් අපනයනය කිරීමට කැබිනට අනුමැතිය ලැබී ඇත. මේ වන විට ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය කළුගල් අවශ්‍යතාවය සාපේක්ෂ වශයෙන් පහළ මට්ටමක පැවතීම හේතුවෙන් කළුගල් කැණීම් කර්මාන්තයේ නිරත කැණීම් කරුවන් හා ඒ සම්බන්ධිත ප්‍රජාවන්ගේ ජීවනෝපාය මාර්ගයන්ට දැඩි බලපෑමක් ඇති වී තිබෙන බව රජය පවසයි. එම තත්ත්වය සැලකිලට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x