රාජ්‍ය රහස් හෙළිකිරීමේ චෝදනාව මත පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 10ක සිරදඬුවමක් ලබාදී තිබේ. 2022 වසරේ දී දූෂණ චෝදනාවකට වැරදිකරු වූ ඉම්රාන් ඛාන් මේ වනවිට බන්ධනාගාරගත කර සිටී. එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ, එම චෝදනා දේශපාලන කරුණු මත එල්ල කර ඇති බවය. aruna

ඇමෙරිකාවේ ආයුධ අලෙවිය පසුගිය 2023 වසරේ ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගිය බවත්, රුසියන් යුක්රේන යුද්ධය සහ ඊශ්‍රායල හමාස් ගැටුම ඊට හේතුව වූ බවත් විදෙස් මාධ්‍ය අනාවරණය කර ඇත. පසුගිය 2023 වසරේ ආයුධ අලෙවියෙන් ඇමෙරිකාව ලැබූ මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 238 පසු කර තිබේ. ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, ඇමෙරිකන් රජය සෘජුව මැදිහත් […]

ජනාධිපති මොහොමඩ් මුයිසුගේ නව කැබිනට් මණ්ඩලයට අනුමැතිය ලබා ගැනීම සඳහා පෙරේදා මාලදිවයින පාර්ලිමේන්තුවේ පැවැති විශේෂ සැසිය අතරතුර ආණ්ඩු පක්ෂයේ මැතිඇමැතිවරු සහ විපක්ෂයේ මන්ත්‍රීවරු අතර ගුටිබැට හුවමාරුවක සිදු වු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කැබිනට් ඇමැතිවරු සිවුදෙනකුට අනුමැතිය දීම විපක්ෂය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් කෝපයට පත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු විපක්ෂයේ […]

උපුල් සාන්ත සන්නස්ගල සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡා කළේ ගංජා භාවිතා කිරීමට ලබාදීමෙන් පසුව බව විශ්ව බුද්ධා නමින් තමන් හඳුන්වා ගන්නා පුද්ගලයා විසින් සඳහන් කර තිබේ. ඇප කොන්දේසි කඩකිරීම මත යළි අත්අඩංගුවට ගෙන අධිකරණ ඉදිරිපත් කිරීමේදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙම කරුණු අධිකරණය ඉදිරිපත් කළේය. ‘බුදු දහමට සහ සංඝ ශාසනයට අපහාසවන ආකාරයේ […]

මුලතිව් මුහුදු වෙරලේ 28 දින සවස සංවිධානය කොට තිබූ සරුංගල් සැණකෙලියක් සඳහා ඒල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් ඊලාම් සිතියම ඇතුලත් ධජය විදහා දක්වමින් සරුංගලයක් නිර්මාණය කොට ගුවනට යැවීම හේතුවෙන් අදාල තරුණයාගේ මුලතිව් පොලීසිය ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇත. මුලතිව් වෙරලට අලංකාරයක් ඒක්කරනු පිණිස ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සංවිධානය කර තිබූ මෙම සරුංගල් සැණකෙලිය […]

තම වකුගඩුවක් විකුණා රුපියල් ලක්‍ෂ හතක මුදලක් ලබාගෙන එම මුදල යොදවා අයිස් මත්ද්‍රව්‍ය මිලට ගෙන ඒවා විකිණීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. කාත්තන්කුඩි ප්‍රදේශයේදී පොලිස් දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍යද සොයාගත් බව පොලීසිය සඳහන් කරයි. මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ආරම්භ […]

සනත් ජයසූරිය ටෙස්ට් තරග 110කදී හයේ පහර 59ක් එල්ල කර තිබූ වාර්තාව ඉන්දියාවේ රවීන්ද්‍ර ජඩේජා ටෙස්ට් තරග 69කදී හයේ පහර 60ක් එල්ල කොට බිඳ දමා තිබෙනවා. එංගලන්තයට එරෙහි තරගයේදී හයේ පහර 2ක් එල්ල කිරීමට ජඩේජා සමත්වීමත් සමඟ ජයසූරියගේ හයේ පහර වාර්තාව අභිබවා ගියා. මෙහිදී ලොව වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල […]

විශ්‍රාම යාමට නියමිත පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු විසින් අනුප්‍රාප්තික වේත්‍රධාරී කුෂාන් සම්පත් ජයරත්න වෙත සම්ප්‍රදායානුකූලව සෙංකෝලය සහ වේත්‍රධාරී අසිපත භාරදීම අද (30) පෙරවරුවේපාර්ලිමේන්තුවේ සභාගැබට පිවිසෙන රිදී ද්වාරය අසලදී සිදු විය. පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු වසර 42කට අධික කාලයක් පාර්ලිමේන්තුවේ සේවය කොට අද (30) දින විශ්‍රාම ගැනීමට නියමිත බැවින් සාම්ප්‍රදායානුකූලව අනුප්‍රාප්තික […]

නුවරඑළිය සංචාරය සඳහා පැමිණෙන අධික ආලෝක රටා සහ ශබ්ද විහිදන බස් රථ හේතුවෙන් තමන් දැඩි පිඩාවට පත් වන බව නුවරඑලිය සංචාරය සදහා පැමිණෙන අනෙකුත් වාහන රියදුරන් සහ ප්‍රදේශවාසින් චෝදනා කර සිටියි. සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමග නුවරඑළිය නගරයට සංචාරය සඳහා පැමිණෙන බස් රථවලින් විශාල ප්‍රමාණයක් මෝටර් රථ නියාමන නීති මාලාවට […]

ශ්‍රීපාද වන්දනාවේ පැමිණ සිටියදී නල්ලතන්නියේදී හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කර ඇති වයෝවෘද්ධ පුද්ගලයෙක් මියගොස් ඇති නිසා ඔහුගේ මළ සිරුර ඥාතීන්ට ලබා දීම සඳහා නල්ලතන්නිය පොලීසිය මහජන සහාය පතයි. මෙලෙස මිය ගොස් ඇත්තේ වෙල්ලාලහේවගේ පුංචිමහත්තයා නැමති වයස අවුරුදු (70) වන (ජා.හැ.අංක-532640113V) අංක දරණ පුද්ගලයෙකි. තලංගම ප්‍රදේශයෙ සිට වන්දනා නඩයක් සමග […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.