මියගිය ශ්‍රිපාද වන්දනාකරු හඳුනා ගැනීමට මහජන සහය පතයි . . .

ශ්‍රීපාද වන්දනාවේ පැමිණ සිටියදී නල්ලතන්නියේදී හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කර ඇති වයෝවෘද්ධ පුද්ගලයෙක් මියගොස් ඇති නිසා ඔහුගේ මළ සිරුර ඥාතීන්ට ලබා දීම සඳහා නල්ලතන්නිය පොලීසිය මහජන සහාය පතයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ වෙල්ලාලහේවගේ පුංචිමහත්තයා නැමති වයස අවුරුදු (70) වන (ජා.හැ.අංක-532640113V) අංක දරණ පුද්ගලයෙකි.

තලංගම ප්‍රදේශයෙ සිට වන්දනා නඩයක් සමග ශ්‍රීපාද වන්දනාවට පැමිණ සිටියදී මෙම මස (14) දා නල්ලතන්නියේදී හදිසියේ රෝගාතුර වී 1990 ගිලන් රථයකින් මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත නඩයේ පැමිණි තලංගම පදිංචි ගයාන් නැමති පුද්ගලයෙක් විසින් භාර දී ඇත.

එහිදී භාරකරුගේ දුරකතන අංකයක් රෝහලට ලබා දී නොමැති බවත් නල්ලතන්නිය පොලීසිය පවසයි.

මිය ගොස් ඇති පුද්ගලයා මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත භාර දීමෙන් අනතුරව අසාධ්‍ය තත්වයේ පසු වූ නිසා (14) වෙනි දිනම දික්ඔය මූලික රෝහල වෙත යවා ඇත.

ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම පුද්ගලයා පසුගිය 19 වැනි දි මිය ගොස් ඇත

ඔහු පදිංචි නිවැරදි ලිපිනයක් හා දුරකතන අංකයක් නොමැති නිසාත් මළ සිරුර ඥාතීන් වෙත භාර දීම සඳහා නල්ලතන්නිය පොලීසිය මහජන සහාය පතන බව නල්ලතන්නිය පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාන්ත වීරසේකර පැවසීය.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

තොරණ් බස් නිසා ජනතාවට දැඩි පීඩා . . .

Tue Jan 30 , 2024
නුවරඑළිය සංචාරය සඳහා පැමිණෙන අධික ආලෝක රටා සහ ශබ්ද විහිදන බස් රථ හේතුවෙන් තමන් දැඩි පිඩාවට පත් වන බව නුවරඑලිය සංචාරය සදහා පැමිණෙන අනෙකුත් වාහන රියදුරන් සහ ප්‍රදේශවාසින් චෝදනා කර සිටියි. සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමග නුවරඑළිය නගරයට සංචාරය සඳහා පැමිණෙන බස් රථවලින් විශාල ප්‍රමාණයක් මෝටර් රථ නියාමන නීති මාලාවට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x