සම්ප්‍රදායානුකූලව සෙංකෝලය සහ අසිපත භාර දෙයි . . .

විශ්‍රාම යාමට නියමිත පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු විසින් අනුප්‍රාප්තික වේත්‍රධාරී කුෂාන් සම්පත් ජයරත්න වෙත සම්ප්‍රදායානුකූලව සෙංකෝලය සහ වේත්‍රධාරී අසිපත භාරදීම අද (30) පෙරවරුවේපාර්ලිමේන්තුවේ සභාගැබට පිවිසෙන රිදී ද්වාරය අසලදී සිදු විය.

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු වසර 42කට අධික කාලයක් පාර්ලිමේන්තුවේ සේවය කොට අද (30) දින විශ්‍රාම ගැනීමට නියමිත බැවින් සාම්ප්‍රදායානුකූලව අනුප්‍රාප්තික වේත්‍රධාරී වෙත මෙසේ සෙංකෝලය සහ සිය අසිපත භාරදීම සිදු විය.

පාර්ලිමේන්තුවේ 6 වැනි වේත්‍රධාරී වන නරේන්ද්‍ර ප්‍රනාන්දු 2018 වසරේ සිට වේත්‍රධාරී ධුරයේ රාජකාරි ඉටු කළේය.

මේ අනුව හෙට (31) දින පාර්ලිමේන්තුවේ 7 වැනි වේත්‍රධාරී ලෙස කුෂාන් සම්පත් ජයරත්න වැඩ භාර ගැනීමට නියමිතය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහණදීර, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න  ඇතුළු පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සනත් ජයසූරියගේ ලෝකවාර්තාවක් බිඳ දමයි . . .

Tue Jan 30 , 2024
සනත් ජයසූරිය ටෙස්ට් තරග 110කදී හයේ පහර 59ක් එල්ල කර තිබූ වාර්තාව ඉන්දියාවේ රවීන්ද්‍ර ජඩේජා ටෙස්ට් තරග 69කදී හයේ පහර 60ක් එල්ල කොට බිඳ දමා තිබෙනවා. එංගලන්තයට එරෙහි තරගයේදී හයේ පහර 2ක් එල්ල කිරීමට ජඩේජා සමත්වීමත් සමඟ ජයසූරියගේ හයේ පහර වාර්තාව අභිබවා ගියා. මෙහිදී ලොව වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x