හම්බන්තොට වරායේ කළුගල් අපනයනය කරයි . . .

සීමාකාරී තත්ත්වයන්ට යටත්ව කළුගල් අපනයනය කිරීමට කැබිනට අනුමැතිය ලැබී ඇත.

මේ වන විට ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය කළුගල් අවශ්‍යතාවය සාපේක්ෂ වශයෙන් පහළ මට්ටමක පැවතීම හේතුවෙන් කළුගල් කැණීම් කර්මාන්තයේ නිරත කැණීම් කරුවන් හා ඒ සම්බන්ධිත ප්‍රජාවන්ගේ ජීවනෝපාය මාර්ගයන්ට දැඩි බලපෑමක් ඇති වී තිබෙන බව රජය පවසයි.

එම තත්ත්වය සැලකිලට ගනිමින් සීමාකාරී තත්ත්වයන්ට යටත්ව කළුගල් අපනයනය කිරීමෙන් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ඉපැයීමේ වැඩපිළිවෙල කෙටි කාලීනව ක්‍රියාත්මක කිරීමේ යෝග්‍යතාවය හඳුනාගෙන ඇත.

හම්බන්තොට මාගම්පුර වරාය ඉදිකිරීමේදී ඉවත් කරන ලද කළුගල් තොගයක් දැනට එම වරාය භූමියේ පරිපාලන ගොඩනැගිල්ල අසල හා හම්බන්තොට නව රෝහල් පරිශ්‍රයේ ගොඩ ගසා ඇති අතර එකේ කළුගල්  කඩිනමින් ඉවත් කළ යුතුව පවතින බව රජය පවසයි.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සනත් නිශාන්ත අනතුරට සම්බන්ධ තුන්වැනි වාහනය සොයයි . . .

Tue Jan 30 , 2024
ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මරණයට පත් කරමින් ඉකුත් බ්‍රහස්පතින්දා (25) සිදුවූ රිය අනතුරට සම්බන්ධ තුන්වන වාහනයක් තිබේද යන්න පිළිබඳව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. එම වාහන දෙකේ රියදුරන් තවත් තුන්වැනි වාහනයක් තිබෙන බවට ප්‍රකාශ කර ඇති බැවින් ඒ පිළිබඳව සොයා බලා වාර්තා කරන ලෙස අධිවේගී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x