වායු දූෂණ තත්ත්වය ඉහළ මට්ටමක් ගනී . . .

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (11) පෙරවරුවේ වායු දූෂණ තත්ත්වය තරමක් ඉහළ මට්ටමක පැවති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි පාරිසරික අධ්‍යයන හා සේවා අංශය සඳහන් කළේ, නුවරඑළිය දිස්ත්‍රික්කය හැරුණු කොට අනෙකුත් ප්‍රදේශවල සංවේදී පුද්ගලයින්ට සෞඛ්‍යමය වශයෙන් බලපෑමක් එල්ල විය හැකි කාලගුණික තත්ත්වයක් අද පෙරවරුවේ පැවති බවය. අමෙරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව 83ක අගයක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබුණද සෙසු සැම දිස්ත්‍රික්කයකම එම අගය සියය ඉක්මවා ගොස් තිබුණි.

පුත්තලම නගරය තුළ එම අගය 149 ක් ලෙසත් ගාල්ල, කරාපිටිය සහ පොළොන්නරුව නගරය තුළ අගය 143ක් ලෙසත් සටහන්වී ඇත. කොළඹ නගරයේද එම අගය 149ක් ලෙස සටහන්ව තිබු අතර පසුගිය දින කිහිපයට සාපේක්ෂව කොළඹ නගරය තුළ අඳුරු පැහැ තත්වයක් පැවති බව එම සංවිධානය සඳහන් කළේය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කෝටි 4 ක කේරළ ගංජා සොයාගැනේ . . .

Sat Mar 11 , 2023
යාපනය මාදගල් වෙරළ තීරයේ තිබී රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇත. නාවික හමුදාව ඊයේ සිදුකළ පාමුර සංචාරයක දී සැක කටයුතු බෑග් 4 ක් තුළ අසුරා තිබී පාර්සල් 55 ක් සොයා ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශනවලදී ඒවා කේරළ ගංජා අඩංගු පාර්සල් බවට හඳුනාගෙන තිබේ. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x