දුම්රිය සේවක නිවාඩු අවලංගු කෙරේ . . .

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු අද (මාර්තු 14) දින සිට වහා ම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පියවර ගෙන තිබේ.

එම නිවේදනයට අනුව, දුම්රිය සේවාව අඛණ්ඩව සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා මාර්තු 15 දින සේවයට වාර්තා නොකරන සියලු නිලධාරීන්ගෙන් ඒ පිළිබඳව නිදහසට කරුණු විමසා තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව් ඒ.ඩී.එස්. ගුණසිංහ සියලු අංශවල ප්‍රධානීන් වෙත දන්වා ඇත.

පෙබරවාරි 27 වන දා 2321/07 දරන රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. ඒ අනුව, 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස මෙය ප්‍රකාශයට පත්කර තිබේ. සාමාන්‍යාධිකාරීවරයා මෙම පියවර ගෙන ඇත්තේ, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ලොකෝමොටිව් දුම්රිය ඉංජිනේරු සංගමයේ වෘත්තීය සමිතිය විසින් පැය 24 ක වැඩවර්ජනයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක ය. එම සංගමය පවසන්නේ, අද (මාර්තු 14) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වරාය සමිති සියල්ලම හෙට වර්ජනයට . . .

Tue Mar 14 , 2023
ශ්‍රී ලංකා වරාය අධිකාරිය තුළ හෙට (මාර්තු 15) දැවැන්ත වැඩ වර්ජනයක් සිදු කරන බව වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේ ය. මීට සමගාමීව ඊයේ (මාර්තු 13) සහ අද (මාර්තු 14) වරාය අධිකාරිය තුළ අකුරට වැඩ කිරීමේ ක්‍රියාන්විතයක් සිදුකරන බව ද වරාය වෘත්තීය සමිති සඳහන් කළේ ය. මේ පිළිබඳ දැනුවත් කිරීම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x