සහරාන්ගේ බිරිඳ දැඩි ඇප කොන්දේසි මත නිදහස් . . .

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන වසර 4 ක් රඳවාගෙන සිටි සහරාන් හෂීම්ගේ බිරිඳ වන ෆාතිමා හාදියා දැඩි ඇප කොන්දේසි මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

කල්මුණේ මහාධිකරණය හමුවේ එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇත. අධිකරණය එහිදී වැඩිදුරටත් නියෝග කර ඇත්තේ සැකකාර කාන්තාව රුපියල් 25000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 ක ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලෙසටය.

එසේම අධිකරණය විසින් ඇපකරුවන්ට සහ සහරාන් හෂීම්ගේ බිරිඳට ද විදේශගතවීම තහනම් කර ඇත.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කොළඹට සැහැල්ලු දුම්රිය සේවයක් . . .

Wed Mar 15 , 2023
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සදහන් කරන්නේ, රාජ්‍ය සේවකයන් දහස් ගණනක් කොළඹ – මාලබේ ඇතුළු තදාසන්න ප්‍රදේශවල සේවය කරන බැවින් ඔවුන්ට සැහැල්ලු දුම්රිය සේවයෙන් කාලයත් මුදලත් ඉතිරිකර ගත හැකි වනු ඇති බවයි. කොළඹ කොටුව – මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා විකල්ප යෝජනා ලබාගැනීමට පසුගියදා කැබිනට් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x