බැසිල් ලංකාවේම සංවිධායකවරුන් කැඳවයි . . .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවක් පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී අද (17) පැවැත්වුණි. මෙහිදී පළාත් පාලන ඡන්දය පිළිබඳව හා මැයි දින රැළිය පිළිබඳව මූලික වශයෙන් අවධානය යොමු වූහ.

පළාත් පාලන ඡන්දයට පක්ෂයේ ඡන්ද පදනම තවදුරටත් ශක්තිමත් කරගෙන යාම හා 19 වනදායින් පළාත් පලාන ආයතන කාලය අවසන් වීමෙන් පසු ඇතිවන තත්ත්වයන් පිළිබඳව කාරණා සාකච්ඡා කෙරුණි. පළාත් සභා වලට ඇතිවී තිබෙන තත්ත්වය, 19 වනදායින් පසු කාලය අවසන් වන පළාත් පාලන ආයතනයන්ටද අත්විය හැකි බැවින් ඒසම්බන්ධයෙන් ද මෙහිදී අවධානයක් යොමුවිය.

මැතිවරණයට අදාලව දිස්ත්‍රික්ක මට්ටමින් හා ආසන මට්ටමින් පැවැත්වෙන සම්මේලනයන්ට අමතරව අපේක්ෂකයින් විසින් තම බල ප්‍රදේශයේ සුහද හමු මගින් පාක්ෂිකයින් දැනුවත් කිරීමේ වැදගත්කම පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරුණි .

මෙම අවස්ථාවට පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන රෝහිත අබේගුණවර්ධන , නාමල් රාජපක්ෂ , සංජීව එදිරිමාන්න යන අය සහභාගීවූහ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

හිටපු නාවික හමුදාපතිගේ නිවසට හොරු පනී . . .

Fri Mar 17 , 2023
හිටපු නාවික හමුදාපතිවරයෙකු වන අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ රාගම පිහිටි නිවසේ සොරකමක් වී තිබේ. එම නිවසේ තිබූ රන් ආලේපිත අනුරුවක් සහ ඔහුට පකිස්තානයෙන් ලැබි තිබූ තිබූ සිහිවටනයක් සොරාගෙන ගිය බව කිය නාවික හමුදා භටයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ වන විට කටයුතු කර ඇත. සැකකාර නාවික සෙබළා හිටපු නාවික හමුදාපතිවරයාගේ නිවසේ ආරක්ෂක රාජකාරියේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x