රාජ්‍ය ආයතන 400ක් පුද්ගලීකරණයට . . .

ඉදිරියේදී රාජ්‍ය ආයතන හාරසියයක් පමණ ප‍්‍රතිව්‍යුහගත කිරීමට සිදුවනු ඇති බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය සඳහන් කරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කොන්දේසි මත මෙන්ම මෙම පියවරයන් ගැනීමට සිදුවන බව ද හෙතෙම පවසයි. එමෙන්ම ඉදිරියේදී කිහිපයක් ද හඳුන්වාදීමට නියමිත බවත් හෙතෙම කියා සිටී. ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුකළ සාකච්ඡාවේදීද මෙම ප්‍රතිව්‍යුහගත කිරීම් සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇත.

රාජ්‍ය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කරන ඒකකයක් මුදල් අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර ඇති අතර එම ඒකකය විසින් හඳුනා ගත් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම අදියර කිහිපයක් යටතේ සිදුකිරීමට නියමිතව තිබේ.

මෙහි පළමු අදියර යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ලිත්‍රො ගෑස්, ටෙලිකොම් ඇතුළු ආයෙත් ආයතන හතක් ප්‍රතිව්‍යුහගත කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබිණි.

ව්‍යාපාර කිරීමෙන් ක‍්‍රමානුකූලව ඉවත් වීම මෙමගින් රජය බලාපොරොත්තු වෙයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සංක්‍රමණිකයන් 34 දෙනෙක් රැගත් යාත්‍රාවක් මුහුදේ ගිලෙයි . . .

Sat Mar 25 , 2023
කුඩා දරුවන් ඇතුලු සංක්‍රමණිකයන් 34 දෙනෙකු රැගත් යාත්‍රාවක් ටියුනිසීයානු මුහුදේ ගිලී අතුරුදන් වී ඇත. අප්‍රිකානුවන් පිරිසක් රැගත් මෙම යාත්‍රාව ඉතාලිය බලා ගමන් කරමින් සිට ඇති බවටයි විදෙස් වාර්තා සඳහන් කළේ. එය දින දෙකක් තුළ මෙම මුහුදු සීමාවේ ගිලී ගිය පස්වන සංක්‍රමණික යාත්‍රාව වන අතර, මේ දක්වා සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් හත්දෙනෙකු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x