ලොව මිල අධිකම රන් කාසිය යළි ග්‍රීසියට . . .

 

ලොව මිල අධිකම රත්තරන් කාසිය ලෙස සැලකෙන “ඊද් මාර්” කාසිය ඇමෙරිකානු බලධාරීන් විසින් ග්‍රීසියට නැවතත් භාර දී තිබේ. 2021 වසරේ වෙන්දේසියකදී මෙම කාසිය ඇමෙරිකානු ඩොලර් මිලියන 4.2 කට අලෙවි කර තිබේ. 

මෙම කාසිය සෙනෙට් සභික බෘටස් විසින් සීසර් ගේ ඝාතනය සිහිවීම සඳහා සමරුවක් ලෙස වසර 2000 කට පෙර නිර්මාණය කර ඇත.

ඇමෙරිකානු ස්වදේශ ආරක්ෂක නිලධාරීන්(හෝම් ලෑන්ඩ්) සිදු කළ විමර්ශනයකදී ව්‍යාජ ලේඛන යොදා ගනිමින් මෙම කාසිය වෙන්දේසියේ ලැයිස්තුගත කර ඇති බවත් කාසිය ග්‍රීසියේ සිට සොරකම් කර රැගෙන ආ එකක් බවත් අනාවරණය කර ගෙන ඇත.

“ඊද් මාර්” කාසිය නැවත ග්‍රීසියට භාරදුන් උත්සවයේදී කාසිය සමඟ තවත් පැරණි පුරාවස්තු 28ක් ග්‍රීසියට භාර දී තිබේ. කාසිය වෙන්දේසියේ අලෙවි කළ පුද්ගලයාද ස්වදේශ ආරක්ෂක නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඉන්ධන අලෙවිය අඩුවේ . . .

Tue Mar 28 , 2023
දිගින් දිගටම ඉන්ධන අලෙවිය අඩු වීම නිසා පිරවුම්හල්වල මාසික ආදායම 30%-40%ත් අතර ප්‍රමාණයකින් පහළ වැටී ඇති බව ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි. වෙනදා පිරවුම්හලට රැගෙන එන ඉන්ධන තොග දිනක් හෝ දෙකක් ඇතුළත අවසන් වුවත් මේ වන විට ඊට දින තුන හතරක කාලයක් වැයවන බව සංගමයේ ලේකම් කපිල නාඔටුන්න පැවසීය. මෙම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x