ඉන්ධන අලෙවිය අඩුවේ . . .

දිගින් දිගටම ඉන්ධන අලෙවිය අඩු වීම නිසා පිරවුම්හල්වල මාසික ආදායම 30%-40%ත් අතර ප්‍රමාණයකින් පහළ වැටී ඇති බව ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

වෙනදා පිරවුම්හලට රැගෙන එන ඉන්ධන තොග දිනක් හෝ දෙකක් ඇතුළත අවසන් වුවත් මේ වන විට ඊට දින තුන හතරක කාලයක් වැයවන බව සංගමයේ ලේකම් කපිල නාඔටුන්න පැවසීය. මෙම තත්ත්වය මත ඉන්ධනහල් හිමියන්ට අධික බැංකු පොලියක් ද ගෙවීමට සිදුව ඇති අතර ඒ මත අනාගතයේ දී පිරවුම්හල්වල සේවකයන් ඉවත් කිරීමට පවා සිදු ඇති බවද හෙතෙම සදහන් කලේය.

ඉන්ධන මිල ඉහළ යාමත් සමග රජය හඳුන්වාදී ඇති QR කේතය නිසාද ඉන්ධන අලෙවිය අඩු වී ඇති බවත් දැනට මාසිකව මෝටර් රථයකට ලැබෙන පෙට්‍රල් ලීටර් 80 ලබාගැනීමට රුපියල් තිස් 32000ක මුදලක් වැය කළ යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.

මෙම තත්ත්වය මත ඉදිරියේදී QR කේතයක් අවශ්‍ය නොවණු ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සජිත්ගේ ඉංග්‍රීසි සුද්දන්ට වත් තේරෙන්නේ නැහැ . . .

Tue Mar 28 , 2023
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස භාවිතා කරන ඉංග්‍රීසි භාෂාව සුද්දන්ට වත් තේරෙන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි. එනිසා සජිත් ප්‍රේමදාස කියන්නේ මොනවාදැයි බැලීමට සුද්දන්ද ශබ්දකෝෂ පෙරළන බවත් ටිල්වින් සිල්වා පැවසීය. ජාතික ජන බලවේගය ජන හමුවක් අමතමිනි මේ බව සඳහන් කළේය. සුද්දන් සමග ඉංග්‍රීසියෙන් කතා කර ආධාර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x