මහ පාරේ නිධන් හාරලා . . .

මුලතිව් පුදුමාතලන් ප්‍රදේශයේ මාර්ග සංවර්ධන කටයුත්තක් සිදු කරන මුවාවෙන් නිධානයක් හෑරූ පුද්ගලයින් හතර දෙනෙකු යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් විසින් ඊයේ (27)  අත් අඩංගුවට ගෙන තිබේ.

යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත කණ්ඩායමක් එහි ගොස් විපරම් කිරීමේදි මාර්ග සංවර්ධන කටයුත්තක් සිදු කරන බව පැවසූ එම ස්ථානයේ සිටි හතර දෙනා ඊට අදාල ලියකියවිලි ද ඉදිරිපත් කොට ඇත.

නිලධාරීන්ට ඇති වූ සැකයක් මත ඉන් පසුවද එම ස්ථානයට ගොස් පරීක්ෂා කොට බලන විට නිධානයක් ගොඩ ගැනීමට උත්සහ දරණ අන්දම පෙනී යාමෙන් පසුව ඔවුන් හතර දෙනාම අත් අඩංගුවට ගෙන තිබේ.

නිධානය ගොඩ ගැනිම සදහා උපයෝගී කර ගන්නා ලද උපකරණ කීපයක් හා ටිපර් රථයක්ද යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනාම මුලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

සැකකරුවන් හා උපකරණ වැඩිදුර පරීක්ෂණ සදහා යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් විසින් මුලතිව් පොලීසිය වෙත බාර දී තිබේ.

මුලතිව් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කොළඹ තැඹිලි ගෙඩියක් රුපියල් 200/= . . .

Wed Feb 28 , 2024
රට තුළ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් තැඹිලි සහ කුරුම්බා සඳහා ඉල්ලුම වැඩිවීමෙන් කොළඹ සහ අවට තැඹිලි ගොඩියක මිල රුපියල් 200 දක්වා ඉහළ ගොස් තිබේ. කොළඹ වරාය පිවිසුම අසළ තැඹිලි වෙළෙඳසැලක තැඹිලි ගෙඩියක් ඊයේ (27) රුපියල් 200 කට අළෙවි වූ අතර එම ස්ථානයෙන් විදේශිකයන් වඩාත් උනන්දුවෙන් තැඹිලි මිලදී ගෙන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x