හිටපු සුපිරි දඟ පන්දු යවන්නෙක් අත්අඩංගුවට . . .

ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ස්ටුවර්ට් මැක්ගිල් ඔස්ට්‍රේලියානු පොලිසිය විසින් සිඩ්නි නුවර දී අත්අඩංගුවට ගෙන තිබේ.

විශාල කොකේන් තොගයක් සැපයීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් එල්ල වුණු චෝදනාවක් මත ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 44කට ක්‍රීඩා කර ඇති ස්ටුවර්ට් මැක්ගිල් 52 හැවිරිදි වියේ පසු වේ.

2021 දී මැක්ගිල් ව පැහැරගෙන ගොස් පහර දුන් සිද්ධියක් වාර්තා වූ අතර, ඒ පිළිබඳ පොලිස් විමර්ශන ද සිදු වී ඇත.

පැහැර ගැනීමෙන් පසු තමා ව නගරයෙන් පිටත දුරස්ථ ස්ථානයකට ගෙන ගිය බවත් එහි දී පැහැරගත් පිරිස විසින් තමාට පහර දී තුවක්කු පෙන්වා තර්ජනය කළ බවත් මැක්ගිල් පැවසුවේය.

මැක්ගිල්ගේ පැහැර ගැනීම ද ඔහුගේ මත්ද්‍රව්‍ය චෝදනාවටම අදාළ සිද්ධියක් බව වාර්තා වේ.

පැහැරගැනීමේ සිද්ධියෙන් පසු පැවති සම්මුඛ සාකච්ඡාවක දී මැක්ගිල් විසින් ”මම කිසිම වරදක් කර නැත” යනුවෙන් පවසා තිබිණි.

එසේම එවකට පොලිසිය විසින් ද මැක්ගිල් පැහැදිලිවම වින්දිතයකු ලෙස හඳුන්වා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

මැක්ගිල් සමඟ අත්අඩංගුවට ගත් කොකේන් ඩොලර් 300,000කට ආසන්න බව සඳහන්ය.

කෙසේ වෙතත් ඔහු තවමත් අභියාචනයක් ඉදිරිපත් කර නොමැති බව වාර්තා වේ.

ස්ටුවර්ට් මැක්ගිල්, 1998 සහ 2008 අතර කාලයේ ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සතොස සේවකයෝ විරෝධතාවක . . .

Fri Sep 15 , 2023
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ එහි සියලුම සේවකයන් මේ මස 30 වැනිදා සිට අනිවාර්ය නිවාඩු යැවීමට විරෝධය දක්වමින් එහි සේවකයෝ කොල්ලුපිටියේ පිහිටි වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතා අමාත්‍යංශය පරිශ්‍රය තුළ විරෝධතාවක් අද (15) පැවැත්විණි. සේවකයන් විශාල පිරිසක් අමාත්‍යංශයට පැමිණ අනිවාර්ය විශාල ගැන්වීමට විරෝධය දක්වමින් අමාත්‍යංශ ලේකම්වරයා හමුවී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x