ගුවන් තොටුපළේ දී ලබා දෙන තීරුබදු සහනය වැඩි කරයි . . .

විදෙස්ගත ශ්‍රමිකයන්ට ගුවන් තොටුපළේ දී ලබා දෙන තීරුබදු සහනය ඉහළ දැමීමේ තීරණය මැයි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

ඒ අනුව, තමන් එවන ලද මුදල් ප්‍රමාණය මත අතිරේක තීරුබදු සහන ලබා ගැනීමට හැකියාව පවතින බව අමාත්‍යවරයා අද (03) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.

ඒ අනුව කාණ්ඩ පහක් යටතේ මෙම සහනය ක්‍රියාත්මකයි.

ඩොලර් 2400ත්-4799ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 600ක අතිරේක තීරු බදු සහනයක් ද, ඩොලර් 4800ත්-7199ත් අතර මුදල් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 960ක අතිරේක තීරු බදු සහනයක් ද, ඩොලර් 7200ත්-11,999ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 1440ක අතිරේක තීරු බදු සහනයක් ද, ඩොලර් 12,000ත්- 23,999ත් අතර මුදල් ප්‍රමාණයක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 2400ක අතිරේක තීරු බදු සහනයක් මෙන්ම, ඩොලර් 24,000ක් හෝ ඊට වඩා වැඩි මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 4800ක අතිරේක තීරු බදු සහනයක් මේ අනුව ලබාගැනීමට හැකියාව පවතින බව අමාත්‍යවරයා පැවසීය.

තවද, වසරක කාලයක් තුළ දී අදාළ මුදල් රටට එවා ඇති ඕනෑම අයෙක්ට මෙම සහනය ලබාගැනීමේ අවස්ථාව විවෘතව පවතින බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පිළිසරණ පතා පාර්ලිමේන්තුවට ආ වඳුරා . . .

Tue Apr 4 , 2023
නවද්ල්ලි පාර්ලිමේන්තුවට රිංගා කාර්යාලයක මේසයක් යට සිටි වඳුරෙක් වනජීවී බලධාරීන් විසින් බේරාගෙන ඇතැයි වාර්තා වනවා. දුර්ලභ ගණයේ රිසස් නමැති වඳුරු විශේෂයක් වූ මෙම සත්ත්වයා රෝගී තත්ත්වයෙන් පසුවීම නිසා පාර්ලිමේන්තුවේ පිළිසරණ පතා තිබෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ. රිසස් වඳුරා බේරාගැනීමේ කටයුතු ඉතා ප්‍රවේශමෙන් සිදුකළ බව වනජීවී නිලධාරීහු පැවසූහ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x