ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් ප්‍රකාශයක් . . .

 

ලෝක බැංකුව ප්‍රකාශ කරන්නේ, ශ්‍රී ලංකාවේ දියාරූ දේශපාලන තත්ත්වය රටේ ආර්ථික දැක්ම සඳහා සැලකිය යුතු අවිනිශ්චිතතාවයක් ඇති කරන බවයි. ඔවුන් පෙන්වාදෙන්නේ, ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීම සදහා බාහිර මෙන්ම ඇතැම් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ද අවශ්‍ය වනු ඇති බවය.

සිය නවතම වාර්තාව මඟින් ලෝක බැංකුව පෙන්වා දී ඇත්තේ 2023 වර්ෂය සහ ඉන් ඔබ්බට ශ්‍රී ලංකාවේ ආර්ථිකය සැලකිය යුතු අභියෝගවලට මුහුණදෙන බවය. 2023 වර්ෂය තුළ මෙරට ආර්ථිකය සියයට 4.3කින් හැකිලෙනු ඇති බවට එම වාර්තාව මගින් පුරෝකථනය කර තිබේ.

ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ මුල්‍යකරණයේ සහය ඇතිව රජයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන ශක්තිමත් සහ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම තුළින් ආර්ථිකය යහපත්ව පවත්වා ගැනීමට හැකියාව පවතින බව ලෝක බැංකුව පෙන්වාදෙයි.

2021 සහ 2022 වර්ෂවල ලක්ෂ 27කට වැඩි පිරිසකගේ රැකියා අහිමි වී ඇති අතර ලක්ෂ 27ක් දරිද්‍රතාවයට ඇද වැටී ඇති බව ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවේ සඳහන්ය.

දිළිඳු පවුල් සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කරගැනීම සඳහා වැඩි අවධානයක් යොමුකළ යුතු බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කුමාර් සංගක්කාරගේ කලඑළි බැසීම . . .

Thu Apr 6 , 2023
මතක තියෙන විදියට නම් කතාබහට ලක්වන ආකාරයට මුලින්ම දේශපාලන වේදිකාවට පය තියපු ප්‍රසිද්ධම ක්‍රිකට් ක්‍රීඩකයා වුණේ අර්ජුන රණතුංගය. ඔහු පැමිණියේ තම පියා සහ සහෝදරයන් දේශපාලනයට නෑකම් කී සබඳතාව මුල්කොට වුවද මනාප ලකුණු කරන විෂයේදී තැන ලැබුණේ ඔහු නොම්මර එකේ ක්‍රිකට් ක්‍රීඩකයකු වූ නිසාය. ඒ කාලේ අර්ජුන රණතුංගව ක්‍රිකට්වලට ප්‍රිය කරන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x