මතට ලොල් වූ සුනඛයෙකුට ප්‍රතිකාර කරයි . . .

මත්පැන්වලට ඇබ්බැහි වීම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ කොකෝ නම් සුනඛයෙකුට පශු වෛද්‍යවරු ප්‍රතිකාර කර තිබේ. කොකෝගේ වයස අවුරුදු 2 ක් වන අතර කොකෝ ලැබ්‍රඩෝ වර්ගයේ මිශ්‍ර සුනඛයෙකි.

නින්දට යාමට ප්‍රථම මත්පැන් පානය කිරීමට මෙම සුනඛයා පුරුදුව සිට ඇති අතර ඔහුගේ ස්වාමියා මිය යාමෙන් පසු පශු වෛද්‍යවරුන් මත්පැන් වලට ඇබ්බැහි වූ කොකෝ සහ තවත් සුනඛයෙකු සොයා ගෙන ඇත. සුනඛයන් දෙදෙනාගේ මත්පැන් ඇබ්බැහි වීමට පශු වෛද්‍යවරුන් ප්‍රතිකාර ආරම්භ කර ඇති අතර එහිදී එක් සුනඛයෙකු මියගොස් තිබේ.

කොකෝ දැඩි සත්කාර ඒකකයේ තබා ගනිමින් පශු වෛද්‍යවරුන් මාසයකට අධික කාලයක් ප්‍රතිකාර කර ඇත. කොකෝට දැන් අනතුරක් නොමැති බවත් සාමාන්‍ය සුනඛයෙක් හැසිරෙන ආකාරයෙන් හැසිරෙන බවත් පශු වෛද්‍යවරුන් පෙන්වා දී ඇත.

කෙසේ නමුත් මත්පැන් පානයට ඇබ්බැහි වූ සුනඛයකුට ප්‍රතිකාර කළ ප්‍රථම අවස්ථාව මෙය බව පශු වෛද්‍යවරුන් පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මහාචාර්‍ය ප්‍රියානි සොයිසා අභාවප්‍රාප්තවේ . . .

Tue Apr 11 , 2023
වෛද්‍ය විද්‍යාව පිළිබඳ මෙරට පළමු මහාචාර්යවරිය වන ප්‍රියානි සොයිසා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (අප්‍රේල් 10) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකෙරුණි. අප්‍රේල් 7 වන දා ඇය අභාවප්‍රාප්ත වූ අතර මිය යන විට ඇය 97 වන වියේ පසු වූවා ය. ඇය ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වූ අතර ඇය ළමා රෝග පිළිබඳ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x