මියන්මාර ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 53 ජීවිතක්‍ෂයට . . .

මියන්මාර හමුදාව එල්ලකළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 53 දෙනෙකු මියගොස් තිබෙනවා. මියගිය පිරිස අතර කාන්තාවන් 15 දෙනෙකු ඇතුළු කුඩා ළමුන් පිරිසක්ද වන බව විදෙස් මාධ්‍ය වාර්ථා සඳහන් කළා.

හමුදා පාලනයට විරුද්ධ වූ වයඹ දිග සැගේන් කලාපයේ ගම්මානයකට මෙම ප්‍රහාර එල්ල වී තිබෙන බවයි පැවසෙන්නේ. විදෙස් මාධ්‍ය පවසන්නේ, 2021 වසරේ පෙබරවාරි මස බලය අල්ලා ගැනීමෙන් පසු හමුදා පාලනයට විරුද්ධවාදීන්ට එරෙහිව ගුවන් ප්‍රහාර වැඩි වශයෙන් යොදා ගන්නා බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා පවසා ඇත්තේ, මෙය ජාත්‍යන්තර නීති රීති නොසලකා හැරීමක් බවයි.

සිවිල් යුද්ධය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් දහස් ගණනක් මියගොස් ඇති අතර තවත් මිලියනයකට අධික පිරිසක් අවතැන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන්ගේ වර්ජනය අවසන් . . .

Thu Apr 13 , 2023
සරසවිවල රාජකාරි කටයුතු ලබන 17 වන දා සිට යළි ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තීරණය කළ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක පැවසීය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පෙරේදා (අප්‍රේල් 11) රාත්‍රියේ පැවැත්වූ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බව ද සභාපතිවරයා කීවේ ය. වත්මන් රජයේ බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x