අටමස්ථානාධිපති හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් . . ..

අපවත්වී වදාළ අනුරාධපුර අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන්ගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙනවා. එම කටයුතු සම්බන්ධීකරණය සඳහා බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්  ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගනු ලැබීය.

මෙරට මහා සංඝරත්නය අතුරින් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරමින් සිය පැවිදි දිවිය අර්ථවත්ව ගත කළ අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන් වහන්සේ රජරට ජනතාවගේ මෙන්ම රටවැසි සියලු ජනතාවගේ සුබ සෙත උදෙසා නිරන්තරයෙන් කැප වූ සංඝ පිතෘන් වහන්සේ නමකි.

අපවත් වී වදාළ අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ දේහය අද පස්වරු 5 ට පමණ අනුරාධපුරයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ තැන්පත් කිරීමට නියමිතයි. මහජන ගෞරවය සඳහා එහිදී ඉඩ සලසා තිබේ

දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය සෙනසුරාදා පස්වරුවේ සිදුකිරීමට නියමිතයි. මේ සඳහා පූර්ණ රාජ්‍ය ගෞරව ලබා දෙන අතර රජයේ කිසිදු මුදලක් මේ සඳහා භාවිතා නොකිරීමටත් එම මුදල් දායක සභාවෙන් යොදා ගැනීමටත් අටමස්ථාන විහාර අධිපතිවරුන් සහ දායක සභාව තීරණය කර තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සොරාගත් බඩු විකුණා අනියම් බිරිඳ සමඟ කැසිනෝ ක්‍රීඩාවේ . . .

Wed Oct 19 , 2022
දිවයිනේ විවිධ ප්‍රදේශ වල සුඛෝපභෝගී ප්‍රදර්ශනාගාර වලට රාත්‍රී කාලයේ දී ඇතුළු වී රුපියල් කෝටි දෙකකට ආසන්න ලැප්ටොප් පරිගණක ඇතුළු විදුලි උපකරණ තොගයක් සොරාගෙන ඒවා අඩු මුදලට විකුණා අනියම් බිරිඳ සමඟ කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙනු පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. සැකකරු එලෙස සොරා ගෙන තිබූ ලැප්ටොප් පරිගණක දාහතරක්, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x