කෘත්‍රිම බුද්ධියෙන් නිමැවුණු ප්‍රථම චීන ටෙලිනාට්‍යය . . .

කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිපදවන ලද ‘චීන ජන ප්‍රවාද’ නමැති කෙටි ටෙලිනාට්‍යය විකාශය කෙරේ.

සම්පූර්ණයෙන් ම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මගින් නිමැවුණු ප්‍රථම චීන ටෙලිනාට්‍යය මෙයයි.

මාර්තු 21 වැනිදාට යෙදී තිබුණු, චීන මාධ්‍ය සමූහයේ 6 වැනි සංවත්සරය නිමිත්තෙන්, ඊයේ (22) එය විකාශය කෙරිණ. ඒ, චීන මාධ්‍ය සමූහයට අයත් ශ්‍රව්‍යදෘශ්‍ය නව මාධ්‍ය වේදිකාව ඔස්සේ යි. චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් ෂෙං හයිෂොං ඇතුළු ආරාධිත පිරිසක් එම අවස්ථාවට එක්ව සිටිහය.

කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් වැඩසටහන් නිෂ්පාදනය කිරීම කෙරෙහි චීන‍ මාධ්‍ය සමූහයේ ඉහළ අවධානය යොමු ව ඇත. ඒ අධිගුණාත්මක ශ්‍රව්‍යදෘශ්‍ය දත්ත හා වෘත්තීමය මාධ්‍ය නිෂ්පාදන ශක්‍යතා පදනම් කර ගනිමිනි. එසේම, කිසියම් රූපයකට අදාළ තොරතුරු අකුරු මගින් පරිගණකයට ලබා දුන්විට, ඊට සැසඳෙන රූපය නිර්මාණය කළ හැකි නව නිපැයුම් මාදිලියක් හඳුන්වා දීම කෙරෙහි ද එම බලධාරීන්ගේ අවධානය යොමු ව තිබේ.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මැක්ඩොනල්ඩ් ශ‍්‍රී ලංකාවේ සියළුම ශාඛා වසා දමයි . . .

Sun Mar 24 , 2024
මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ. එහි දේශීය නියෝජිතයා වන අබාන්ස් සහ මැක්ඩොනල්ඩ් මවු සමාගම අතර ඇති වී තිබෙන ගැටළුවක් මත මෙම පියවර ගෙන ඇත. මේ සම්බන්ධයෙන් අධිකරණ හමුවේ නීති කෘත්‍යක්ද සිදුවෙමින් ඇත. තම මව් සමාගමේ ප්‍රමිතියට අනුව ආහාරපාන ලබාදීමටද ශ්‍රී ලංකාද නියෝජිත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x