කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිපදවන ලද ‘චීන ජන ප්‍රවාද’ නමැති කෙටි ටෙලිනාට්‍යය විකාශය කෙරේ. සම්පූර්ණයෙන් ම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මගින් නිමැවුණු ප්‍රථම චීන ටෙලිනාට්‍යය මෙයයි. මාර්තු 21 වැනිදාට යෙදී තිබුණු, චීන මාධ්‍ය සමූහයේ 6 වැනි සංවත්සරය නිමිත්තෙන්, ඊයේ (22) එය විකාශය කෙරිණ. ඒ, චීන මාධ්‍ය සමූහයට අයත් ශ්‍රව්‍යදෘශ්‍ය නව මාධ්‍ය වේදිකාව […]

ජනාධිපති ධූරයට රනිල් වික්‍රමසිංහ හැර වෙනත් සුදුස්සෙකු මේ මොහොතේ නොමැති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිසක් සමග පවසා ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඉකුත් බදාදා පැවති අවස්ථාවේ බැසිල් රාජපක්ෂ මෙම අදහස් පළ කර තිබේ. අරගලය පැවති සමයේදී තම පක්ෂයේ මන්ත්‍රිවරුන් […]

වේල්සයේ කුමරිය හෙවත් කේට් මිඩ්ල්ටන් ද පිළිකා රෝගියකු බවත්, ඇය මේ වනවිට කීමෝතෙරපි ප්‍රතිකාර සඳහා යොමු වී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.‍ විදෙස් මාධ්‍ය මෙසේ පැවැසුවේ, තමන් පිළිකා රෝගියකු වූ බව නිවේදනය කරමින්, කේට් කුමරිය නිකුත් කළ වීඩියෝවක් ද ප්‍රසිද්ධ කරමිණි. කේට් මිඩ්ල්ටන් කුමරිය පසුගිය ජනවාරියේ උදරයේ සැත්කමකට භාජන විය. […]

තමන් ඉල්ලීමක් කළහොත් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි. රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ සියලුම ජනකොටස්වලින් තමාට හොඳ පිළිගැනීමක් ඇති බවයි. විපක්ෂයේ සමගි ජන බලවේගය (SJB) සහ එක්සත් ජාතික පක්ෂය (UNP) ඇතුළු […]

බ්‍රසීලයේ සිට ඩුබායි හරහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත කොකේන් මත්ද්‍රව්‍ය රැගෙන ආ මගියෙකු සැකපිට ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්  අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ පැවසීය. වෙනිසියුලානු ජාතිකයකු වන 41 හැවිරිදි අදාළ මගියාගේ සිරුර ස්කෑන් කිරීමේදී මත්ද්‍රව්‍ය සඟවාගෙන සිටින අයුරු හෙළි […]

රුසියාවේ මොස්කව් නගරයේ නාට්‍ය ශාලාවක සිදුකළ ත්‍රස්ත ප්‍රහාරයකින් ආසන්න වශයෙන් පුද්ගලයින් 40ක් පමණ මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ එම නාට්‍ය ශාලාවේ නර්තන තරගාවලියක් පැවැත්වෙමින් තිබූ බව සඳහන්ය. කැලෑ සටන් ඇඳුම් ඇඳගත් සන්නද්ධ පුද්ගලයින් තිදෙනෙකු වෙඩි තබමින් එම ශාලාවට ඇතුළ්වන අයුරු දැක්වෙන වීඩියෝ මේ වනවිට සමාජ […]

රිය අනතුරකදී තුන්වන පාර්ශ්වයේ වින්දිතයන්ට අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව කඩිනමින් වන්දි ලබාදීමේ වැඩපිළිවෙළ මාර්තු 01 වනදා සිට ආරම්භ කළ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි. අනතුර සිදුවී වසරක් තුළ අදාළ රක්ෂණ ආයතනයට අයදුම් කිරීමෙන් උපරිමය රුපියල් ලක්ෂ 05ක් දක්වා වන වන්දි මුදල එම රක්ෂණ ආයතනයේ දිවයින පුරා පිහිටි ඕනෑම ශාඛාවකින් […]

පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්දැයි තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (23) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකළ යුතු බවය. “මේක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.