ජනපති සටනට සුදුස්සා රනිල් . . .

ජනාධිපති ධූරයට රනිල් වික්‍රමසිංහ හැර වෙනත් සුදුස්සෙකු මේ මොහොතේ නොමැති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිසක් සමග පවසා ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඉකුත් බදාදා පැවති අවස්ථාවේ බැසිල් රාජපක්ෂ මෙම අදහස් පළ කර තිබේ.

අරගලය පැවති සමයේදී තම පක්ෂයේ මන්ත්‍රිවරුන් මුහුණ දුන් කටුක අත්දැකීම් සිහිපත් කර ඇති බැසිල් රාජපක්ෂ , පක්ෂයේ ඇතැමුන්ට මුල අමතකව ඇතැයි ද කියා ඇත.

“අපිට නිදහසේ එයාර්පෝර්ට් එකකටවත් යන්න බැරි කාලයක් තිබුණා. නමුත් දැන් තත්ත්වය වෙනස්. අපි ඒ කළගුණ අමතක කරන්න හොඳ නැහැ.” යනුවෙන් ද පවසා තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු තෝරාගැනීමේදී සලකා බැලිය යුතු නිර්ණායක කිහිපයක් තිබෙන බව ය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමගත් තම පක්ෂයේ ඉදිරි පෙළ නායකයන් සමගත් වැඩිදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද මන්ත්‍රීවරුන්ට පවසා තිබේ.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ අපේක්ෂකත්වය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ම පිරිනැමිය යුතු බවට වන යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට ඉදිරිපත් කිරීමට මැති ඇමැතිවරුන් පිරිසක් කටයුතු කරමින් සිටින බවද එම පක්ෂ ආරංචිමාර්ග පවසයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් වන නිල ප්‍රකාශය මැයි රැලියෙන් පසුව ප්‍රකාශයට පත්වනු ඇතැයි ද පැවැසේ.

  • නාලක සංජීව දහනායක
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කෘත්‍රිම බුද්ධියෙන් නිමැවුණු ප්‍රථම චීන ටෙලිනාට්‍යය . . .

Sat Mar 23 , 2024
කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිපදවන ලද ‘චීන ජන ප්‍රවාද’ නමැති කෙටි ටෙලිනාට්‍යය විකාශය කෙරේ. සම්පූර්ණයෙන් ම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මගින් නිමැවුණු ප්‍රථම චීන ටෙලිනාට්‍යය මෙයයි. මාර්තු 21 වැනිදාට යෙදී තිබුණු, චීන මාධ්‍ය සමූහයේ 6 වැනි සංවත්සරය නිමිත්තෙන්, ඊයේ (22) එය විකාශය කෙරිණ. ඒ, චීන මාධ්‍ය සමූහයට අයත් ශ්‍රව්‍යදෘශ්‍ය නව මාධ්‍ය වේදිකාව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x