ජාත්‍යන්තර පාපන්දු තරගාවලි දෙකකින් ශ්‍රී ලංකාව ඉවතට . . .

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මගින්, ජාත්‍යන්තර පාපන්දු තරගාවලි දෙකකින් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඉවත්කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව, 2024 වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් පිරිමි පාපන්දු තරගාවලියට අදාළ ආසියානු සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් සහ වයස අවුරුදු 23 න් පහළ ආසියානු පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඉවත්කර ඇත.

මෙම වසරේ ජනවාරි මස 21 වනදා සිට නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සමාජිකත්වය තාවකාලිකව අහෝසි කිරීමේ තීරණයට යටත්ව එම සම්මේලනය මෙම තීරණය ගෙනතිබේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

තට්ටු හතරට වැඩි ගොඩනැගිලි ඉදිකිරීම තහනම් . . .

Thu Apr 13 , 2023
නුවරඑළිය නගරයේ මහල් හතරට වැඩි ඉදිකිරීම් මින් ඉදිරියට තහනම් කරමින් කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබේ. උස ගොඩනැගිලි ඉදිකිරීමෙන් එම නගරය අවලස්සන වී ඇතැයි පෙන්වා දී ඇති ජනාධිපතිවරයා කඩිනමින් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලෙසට ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත දැනුම් දී ඇත. නුවරඑළිය නගරය තුළ විශාල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x