ලංකාවට විදුලි දුම්රියක් . . .

නානුඔය සිට නුවරඑළිය හරහා උඩුපුස්සැල්ලාව දක්වා පැරණි දුම්රිය මාර්ගය විදුලි දුම්රියක් ධාවනය කිරීම සඳහා ප්‍රතිසංස්කරණය කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන  පවසනවා.

මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, නුවරඑළිය ඇතුළු මධ්‍යම සංචාරක කලාපයේ ගමනාන්ත වෙත වැඩි සංචාරකයින් පිරිසක් ආකර්ෂණය කර ගැනීම සඳහා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කරන බවටයි. නුවරඑළිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ කිලෝමීටර් 31ක් දිගින් යුත් මෙම දුම්රිය මාර්ගය ක්‍රියාත්මක කිරීම සහ පැවරීම යන ක්‍රමවේදය (BOT) යටතේ ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත බවයි.

මෙම දුම්රිය මාර්ගය ලොව හයවන උසම දුම්රිය ස්ථානය වන කඳපොල දුම්රිය ස්ථානය ඇතුළු දුම්රිය ස්ථාන ගණනාවකින් සමන්විත බව පෙන්වා දුන් අමාත්‍යවරයා සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා විශාල පහසුකම් ඇති ඇති බව ද පෙන්වා දී ඇත.

මෙම පටු දුම්රිය මාර්ගය බ්‍රිතාන්‍ය යුගයේදී ඉදිකරන ලද නමුත් වාණිජමය ශක්‍යතාවක් නොමැතිකම හේතුවෙන් පසුව බ්‍රිතාන්‍ය පාලකයින් විසින් එය කඩා ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව දුම්රිය ස්ථාන කිහිපයක් ආවරණය වන පරිදි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට නියමිතයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පාරිභෝගික අධිකාරියෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් . . .

Thu Apr 13 , 2023
සෘජු වෙළදාම් කරන පුද්ගලයන් සහ ආයතන පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ලියාපදිංචි විය යුතු බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල ගේ අත්සනින් යුතුව එම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. අදාළ ගැසට් නිවේදනයේ සදහන් වන්නේ සූර්ය බල ආලෝක පද්ධති, දුරකථන සහ උපාංග, ගෘහ භාණ්ඩ, පිරිසිදුකාරක, සපත්තු, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x