ලෝක විවාහක රූ රැජින ලංකාවට . . .

ශ්‍රී ලංකා විවාහක රූ රැජින – 2023 තරගාවලියේ අවසාන මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සදහා 2022 – ලෝක විවාහක රූ රැජින , ඉන්දීය ජාතික සර්ගම් කවුෂාල් (Sargam Kaushal) අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

මෙම තරගාවලියේ අවසාන මහා තරගය මෙම 13 වැනි දින සවස 06.00 ට කොළඹ නෙළුම් කුළුණ රඟහල් පරිශ්‍රයේ දී පැවැත්වෙන අතර ඒ සදහා ශ්‍රී ලාංකික විවාහක කාන්තාවෝ 23 දෙනෙක් සහභාගී වෙති.

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි‍ ඇය පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විවාහක රූ රැජින වැඩසටහනේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ , ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක , තරගාවලි කළමනාකරු නිමේෂ් බස්නායක යන මහත්වරුන් ඇතුළු මෙම වැඩසටහනේ සාමාජිකයන් විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

ඇය ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන නැරඹීමට ද නියමිතය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මත්තල පාඩුව කෝටි 13,64 ඉක්මවයි . . .

Mon Sep 11 , 2023
මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු ආරම්භයෙන් පසු ගෙවුණු වසර 07ක කාලය තුළ එහි පාඩුව රුපියල් කෝටි 13,64 ඉක්වා ඇතැයි මේ වනවිට අනාවරණය වී තිබේ. පසුගියදා පාර්ලිමේන්තුවේදී වරාය, නාවික හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා විසින් ඉදිරිපත් කළ කරුණු අනුව මෙය අනාවරණය වී ඇති අතර එහිදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x