මැතිවරණ ක්‍රියාවලිය විහිළුවක් . . .

පළාත් පාලන මැතිවරණ අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළු සෙසු පහසුකම් සියල්ල සම්පූර්ණ වන තෙක් නැවත මැතිවරණ දිනයක් ප්‍රකාශයට පත් කරන්නේ නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා සඳහන් කරයි.

මැතිවරණ දින ප්‍රකාශයට පත් කරමින් දිගින් දිගටම ඒවා කල් දැමීම තුළින් මැතිවරණ ක්‍රියාවලිය විහිළුවක් වන බවද හෙතෙම පැවසීය. මැතිවරණය පැවැත්වීමට අදාල සෑම බලධාරියෙකු සමඟම දැනට සාකච්ඡා කර ඇති බවත් දැන් සාකච්ඡා කිරීමට කිසිවකු නැති බවත් ඔහු කියා සිටියි.

මුදල් අමාත්‍යාංශය පවසන ආකාරයට අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යාම හැර සෙසු කටයුතු සඳහා මුදල් වෙන් නොකිරීමට ආණ්ඩුව තීන්දු කර ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මත්පැන් අලෙවිය ඉහළට . . .

Sat Apr 15 , 2023
පසුගිය කාලයේ පහත වැටී තිබූ මත්පැන් අලෙවිය අලුත් අවුරුදු සමයේ දී ඉහළ ගොස් ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මිල ඉහළයාමත් ආර්ථික අර්බුදයත් නිසා මත්පැන් අලෙවිය 40% කින් පමණ පහත වැටී තිබිණි. ඒත් අවුරුදු සමයේ දී එය 20%කින් වැඩි වූ බව මත්පැන් නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත. අප්‍රේල් මාසයේ ගෙවුණු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x