මීළඟ නායකයා සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණ තුළ බෙදීමක් . . .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මීළඟ නායකත්වය සඳහා දෙදෙනකුගේ නම් යෝජනා වී ඇතැයි ඇතැයි සති අන්ත මව්බිම පුවත්පත වාර්තා කරයි. එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ  සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  පක්ෂ නායකත්වය සඳහා එසේ නම් යෝජනා වී ඇති බවද වාර්තාව කියා සිටී.

බැසිල් රාජපක්ෂ මීළඟ නායකයා ලෙස පත් කළ යුතුයැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් යෝජනා කරද්දී නාමල් රාජපක්ෂ ගේ නම පක්ෂයේ තරුණ සාමාජිකයින් විසින් නියෝජනය කර ඇති බවද සඳහන්ය.

මේ හේතුවෙන් මීළඟ නායකයා සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණ තුළ යම් බෙදීමක් ඇති වී ඇති අතර මේ පිළිබඳව අවසන් තීරණයකට පැමිණ නැති බව ද වාර්තා තවදුරටත් කියා සිටියි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

තක්සේරු ගාස්තුව ඉහල දමයි . . .

Sun Apr 16 , 2023
තක්සේරු දෙපාර්තමේන්තුව දැනට අය කරන අවම තක්සේරු ගාස්තුව රුපියල් පන්සිය හැත්තෑ පහේ සිට රුපියල් දස දහස දක්වා වැඩි කිරීමට මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබෙනවා. උපරිම තක්සේරු මුදල රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට සීමා කෙරෙන බවත් එම යෝජනාවේ සඳහන් වෙයි. මෙතෙක් උපරිම තක්සේරු මුදලක් තිබී නැත. එමෙන්ම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x