දේශපාලනයේ දැවැන්ත පෙරළියක් . . .

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරාධනාවක් කරනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල පහසුකම පිළිබඳ විවාදය එළඹෙන 25 වනදා ආරම්භ කරමින් ඔහු මෙම ආරාධනාව කිරීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සඳහන් කළේ, ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යන වැඩපිළිවෙලට සහාය පළ කරන්නයි විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට එදිනට ආරාධනා කරන බව ජනාධිපතිවරයා පැවසූ  බවයි. විපක්ෂය නියෝජනය කරන සුළු පක්ෂ නියෝජිතයන් සමඟ ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ මෙම දැනුම්දීම කළ බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා මුලින්ම සියලු දෙනාට ආරාධනා කළ යුතු බවට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පසුගියදා මාධ්‍ය වෙත කියා තිබුණා. පක්ෂයක් ලෙස ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නොහැකි වුවහොත් කණ්ඩායම් වශයෙන් ඔහු තනි පුද්ගලයන් ලෙස තීන්දු ගත හැකි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වසත් සිරිය 2023 ගෝඨාගෝගමේදී . . .

Mon Apr 17 , 2023
ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය අංශයේ ආයතන ගණනාවක කාර්ය මණ්ඩලවල එකමුතුවෙන් සියලු ශ්‍රී ලාංකිකයන්ට විවෘත තරග හා විදේශිකයන් සඳහා තරගවලින් සමන්විතව පැවැත්වෙන “වසත් සිරිය 2023” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් 22 වන සෙනසුරාදා කොළඹ ගාලු මුවදොර හරිත භූමියේ දී පැවැත්වීමට සියලු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x