දේශීය බිත්තරයක මිල රුපියල් 50 ට අඩුවෙන් ලබාදීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසනවා. ඔහු කියා සිටියේ, ඊයේ (16) තම සංගමයේ නියෝජිතයින් රැස්වී මෙම තීරණය ගත් බවයි.
මේ අතර ඉන්දියාවෙන් ගෙන්වන බිත්තර ප්‍රමාණය වැඩි කර, ඒවා පාරිභෝගික ජනතාවට ද අලෙවි කළ යුතු බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ ලේකම් අනුර මාරසිංහ වැඩි දුරටත් අවධාරණය කළා.