අප්‍රේල් 25 උතුරු නැගෙනහිර පළාත් වල පූර්ණ හර්තාලයක් . . .

අප්‍රේල් (25) වන දා, දෙමළ ජාතික සන්ධානය හා තවත් ස්වේච්ඡා සංවිධාන කීපයක් විසින් උතුරු නැගෙනහිර පළාත් වල පූර්ණ හර්තාලයක් පවත්වන ලෙස දැනුම් දී ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත්, උතුරු නැගෙනහිර පළාත් වල ඉඩම් අයිතිය වෙනත් පාර්ශ්ව වලට ලබා දීම, ආගමික ස්ථාන පිළිබදව ගැටලුව, පුරා විද්‍යා නටබුන් ලෙස සලකා දෙමළ ජාතිකයින්ගේ ඉඩම් කොල්ල කෑම යනාදී හේතූන් කීපයකට විරෝධය පල කිරීමට මෙම හර්තාලය ක්‍රියාත්මක කරන බවට වාර්තා වේ.

කෙසේවෙතත්, මෙදින උතුරු නැගෙනහිර සියලුම වෙළඳසැල් වසා දමන ලෙසත් ගමනාගමන කටයුතු පවත්වා ගෙන යාම අත්හිටුවන ලෙසත් සංවිධායකයෝ ඉල්ලා සිටියි.

මේ අතර රජයේ සේවකයින් ද මෙම පූර්ණ හර්තාලයට සහය ලබා දිය යුතු බවට දැනුම් දී තිබෙනවා.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

නිදහස් සෞඛ්‍ය සේවාව ඉතිහාසයේ දැවැන්තම අර්බුදයක . . .

Tue Apr 18 , 2023
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. ඖෂධ හිඟයට තිරසාර විසඳුම් ලබා දීමටත් ඉහළ ගිය ඖෂධ මිල පහත දමා රෝගී ජනතාවට කඩිනම් සහන ලබා දීමටත් නව වසරේ බලධාරීන්ට ඇති වගකීම අවධාරණය කිරීම. ආර්ථික අර්බුදය, ඖෂධ අර්බුදය, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රට හැර යාම, අකාර්යක්ෂම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x