උතුරේ කොරෝනා යළි හිස ඔසවයි . . .

කොරෝනා රෝගය වැළදීම නිසා යාපනයේ එක් පුද්ගලයෙකු ඊයේ (20) මියගොස්  තිබෙනවා. එමෙන්ම යාපනයේදී තවත් කොරෝනා රෝගීන් පස් දෙනෙකු හමුවී ඇති අතර ඔවුන් රෝහලේ වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනයට ලක්කර තිබෙනවා.

පසුගිය සතියේදී යාපනයේ පේදුරුතුඩුව හා යාපනය නගරය යන ප්‍රදේශවලින් කොරෝනා රෝගීන් පස් දෙනෙකු හමුවීමෙන් පසුව ඔවුන්ව හුදෙකලා කොට ඔවුන්ට නිරෝධායන පහසුකම් රෝහල් බලධාරීන් විසින් සපයා දෙනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර එම කොරෝනා රෝගීන් හමුවීමෙන් පසුව යාපනය ශික්ෂණ රෝහලට සාමාන්‍ය උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන්ව PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුවයි අලුත් කොරෝනා රෝගීන් පස් දෙනා හමු වී ඇත්තේ.

ඒ අනුව කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහළ ගියහොත් යාපනය අර්ධද්වීපය පුරා කොරෝනා රෝගයෙන් ආරක්ෂා වීමට ගනු ලබන වෛද්‍ය උපදෙස් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසන්නේ.

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අතවරයට ලක් වූ කාන්තාවක් බසයෙන් වැටී මියයයි . . .

Fri Apr 21 , 2023
කොළඹ සිට අවිසාවල දක්වා ධාවනය වූ බස් රථයකින් වැටී කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බීමතින් සිටි පුද්ගලයෙකු බස් රථයට ඇතුළු වී ඇයට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේදී එම කාන්තාව බස් රථයෙන් වැටී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඇය කොළඹ පෞද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරිනියක ලෙස සේවය කළ 61 හැවිරිදි මරතංගඩවල ප්‍රදේශයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x