මැතිසබේ බත්පතත් ඉහළට . . .

වැට් බදු සමග ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම හේතුවෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට මෙන්ම සේවක සේවිකාවන්ට කෑම බීම සඳහා යන වියදමද දෙගුණයකින් පමණ වැඩිවීඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ හේතුවෙන් එම පිරිස් සඳහා ආහාර සැපයීම  අද  බරපතළ අභියෝගයක්වී ඇතැයි වාර්තාවේ.

පාර්ලිමේන්තුවේ කෑම බීම වෙනුවෙන් රජය අතිවිශාල මුදලක් දැරුවත් මන්ත්‍රීවරුන්ගෙන් සහ සේවකයන්ගෙන් ඒ සඳහා මාසිකව අය කර ගනු ලබන්නේ ඉතාම අඩු මුදලක් බව එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු සේවකයකුගෙන් ආහාර සඳහා මාසයටම  අය කෙරෙන්නේ   රුපියල් 1000 ක් වැනි කුඩා මුදලක් බව පැවසේ.

ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ ආහාර වේල් යම් යම් සීමා කිරීම් වලට ලක් කර ඇත.අධික වියදම සැලකිල්ලට ගෙන   තවදුරටත් සීමා කිරීම්  අවශ්‍යව ඇතැයි එහි  නිලධාරියෙක් පැවසීය

මේ අතර මේ දිනවල වෙළෙඳපොළේ  එළවළු මිල ගණන් ඉතා විශාල වශයෙන් ඉහළ ගොස් ඇති හෙයින් පාර්ලිමේන්තුවට එළවළු සපයා ගැනීමද බරපතළ ගැටලුවක්වී ඇතැයි වාර්තාවේ.

මේ තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ ආහාර වේල් සඳහා දෙන එළවළු වර්ග ප්‍රමාණද මේ දිනවල යම් ප්‍රමාණයකට   අඩු කර ඇත.

මේ අතර කලින් කලට භාණ්ඩ මිල ඉහළ යෑම සැලකිල්ලට ගෙන ඊට මුහුණ දීම සඳහා  පාර්ලිමේන්තුවට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේ ක්‍රමවේදය වෙනස් කර ඇතැයි එහි නිලධාරීහු සඳහන් කරති.

කෙසේ නමුත් වියදම අධික වුවත්  සියල්ල කළමනාකරණය කරමින්ආහාර සැපයීම දැඩි අසීරුවෙන් වුවත් කරගෙන යන බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

යුක්තියේ මෙහෙයුමට මානව හිමිකම් කොමිසමත් මැදි වෙයි . . .

Sat Jan 13 , 2024
විෂ මත් ද්‍රව්‍ය වැටලීම සඳහා ආරම්භ කර ඇති ‘‘යුක්තිය‘‘ මෙහෙයුම පිළිබඳ සමාලෝචනයක් කරන ලෙසත් මානව හිමිකම් ආරක්ෂා කරමින් එම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බව එම කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශිකා ලිස් ත්‍රොසෙල් ප්‍රකාශ කළාය. මේ වනවිට යුක්තිය මෙහෙයුම යටතේ 29000 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x