දුම්රියෙන් පාර්සල් සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු සියයට 80 කට අදික ප්‍රතිශතයකින් ඉහළ දැමූ බවත් එම ගාස්තු ඉහළ දැමීම ලබන පෙරවාරි මස 1 වැනිදා සිට ක්‍රියාතමක වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) චන්ද්‍රසේන බණ්ඩාර පැවසීය. පාර්සලයක් වෙනුවෙන් මීට පෙර අය කළ අවම ගාස්තුව රුපියල් 50 සිට රුපියල් 150 දක්වා ඉහළ […]

වර්ෂයකට රුපියල් මිලියන 80ක පිරිවැටුමක් සහිත සෑම ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක්ම වැට් සඳහා අනිවාර්යයෙන් ම ලියාපදිංචි විය යුතු බවත් එසේ ලියාපදිංචි වන ව්‍යාපාරිකයන් තමන්ගේ වැට් ලියාපදිංචි සහතිකය ඕනෑ ම අයෙකුට බලාගැනීමට හැකිවන පරිදි අනිවාර්යයෙන් ම ප්‍රදර්ශනය කළ යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි. ඊයේ (ජන. 17) සවස යටියන්තොට […]

වැට් බදු සමග ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම හේතුවෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට මෙන්ම සේවක සේවිකාවන්ට කෑම බීම සඳහා යන වියදමද දෙගුණයකින් පමණ වැඩිවීඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය. මේ හේතුවෙන් එම පිරිස් සඳහා ආහාර සැපයීම  අද  බරපතළ අභියෝගයක්වී ඇතැයි වාර්තාවේ. පාර්ලිමේන්තුවේ කෑම බීම වෙනුවෙන් රජය අතිවිශාල මුදලක් දැරුවත් මන්ත්‍රීවරුන්ගෙන් සහ සේවකයන්ගෙන් […]

නිවැරදි තීන්දු තීරණ සමඟ මෙම වසර තුළ ශ්‍රී ලංකාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය. ඒ වෙනුවෙන් වු අසීරු තීරණ තමා මේ වන විට ගෙන අවසන් බව පැවසු ජනාධිපතිවරයා දෝෂාරෝපණයට ලක් වුවද තමන් එම තීරණ ගත්තේ රට වෙනුවෙන් බවත්, රට රැක ගැනීමට අනෙකුත් දේශපාලනයන්ට […]

පෙබරවාරි මාසයේ සිට පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට කටයුතු කරන  බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය ප්‍රකාශ කරයි. පාසල් ආරම්භයේ දී එම ප්‍රතිශතය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් එම සංගමයේ සභාපති ලලිත් ප්‍රනාන්දු පැවසීය. වැට් බදු සහ ඉන්ධන මිළ ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගන්නා බවත් ඔහු […]

වැට් බදු ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස්, පාසල් ළමුන් ප්‍රවාහන සේවා හා ත්‍රිරෝද රථ හිමියන්ගේ අවධානය යොමුවී තිබේ. සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අන්ජන ප්‍රියන්ජිත් පැවසුවේ, වැට් බදු ඉහළ යාම හමුවේ අවම බස් ගාස්තුව රුපියල් 35 ක් දක්වා ඉහළ යායුතුව ඇති බවයි. aruna

ශත 25ට තිබූ සීනි බද්ද රුපියල් 50ක් කිරීමට පෙර සීනි මෙට්‍රික් ටොන් 22000ක් වෙළෙඳපොළට නිකුත් කිරිමෙන් රජයට කෝටි 100ක බදු ආදායමක් අහිමි වී ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පැවසීය. සීනි බදු වංචාවේ පාඩුව පියවා  ගැනීමට වැට් බදු සහ වෘත්තීයවේදීන් මත අධික බදු පටවා ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කලේය. මෙම සීනි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.