මංගල ගමනේදීම පුපුරා ගිය රොකට්ටුව . . .

 

ලොව සුපිරි ධනවතෙකු වන එලෝන් මස්කගේ “ස්පේස් එක්ස්” සමාගමේ රොකට්ටුව පළමු අත්හදා බැලීමේදීම උඩු ගුවනේදී පුපුරා ගොස් තිබෙනවා.

සමස්ථ ලෝකයේම අවධානය දිනූ “ස්ටාර් ශිප්” ලෙස නම් කර තිබූ මෙම දැවැන්ත රොකට්ටුව සිය මංගල ගමනේදීම පුපුරා යන්නේ එය උඩුගුවනට එක් කර මිනිත්තු දෙකත් – තුනත් අතර කාලයක් ගතවෙද්දී වීම විශේෂත්වයක්. මෙම රොකට්ටුව සැලකෙන්නේ මෙතෙක් නිෂ්පාදනය කළ දැවැන්තම රොකට්ටුවක් ලෙසයි.

අමෙරිකානු වේලාවෙන් බ්‍රහස්පතින්දා උදෑසන ටෙක්සාස් හි නැගෙනහිර වෙරළ තීරයේදී මෙම අත්හදා බැලීම සිදුකෙරුණා. ඒ, කිසිදු කාර්ය මණ්ඩල සාමාජිකයෙකු නොමැතිවයි.

රොකට්ටුව ඉහළට නගිද්දී එහි තිබූ එන්ජින් 33න් හයක් ක්‍රියා විරහිත වී හෝ ගිනිගෙන දැවී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රොකට්ටුව පුපුරා යාමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.

කෙසේවෙතත් පළමු උත්සාහය අසාර්ථක වුවද එලෝන් මස්ක් පවසා ඇත්තේ තම සමාගම තවත් මාස කිහිපයකින් යළි උත්සාහ කරන බවයි.

මේ හරහා ලද දත්ත උපයෝගී කර ගනිමින් දෙවන “තරු නැව” පියාසර කිරීමට කටයුතු සූදානම් කරන බවයි ‘ස්පේස් එක්ස්” ඉංජිනේරුවන් පවසන්නේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් පත් කරේ . . .

Fri Apr 21 , 2023
දිවයිනේ රෝහල් කිහිපයක් සඳහා වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 08 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පත් කර තිබෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ගේ උපදෙස් අනුවයි. ඒ අනුව මේ වන විට පුරප්පාඩුව පවතින එම විශේෂඥ වෛද්‍යවරුන්ගේ රාජකාරි කටයුතු මෙම පත් කිරීම් හරහා ඉදිරියේදී සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති. ඒ අනුව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x