කොරියානු ජාතිකයාගේ ජීවිතය බේරාගන්න එක්වුණ ශ්‍රී ලාංකිකයින් . . .

අනපේක්ෂිත ලෙස හදිසි අනතුරකට මුහුණදුන් කොරියානු ජාතිකයෙකුගේ දිවි බේරාගැනීමට ශ්‍රී ලාංකික තරුණයින් පිරිසක් කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලාංකිකයින් පිරිසක් සංවිධානය කර තිබූ ක්‍රිකට් තරගයක් අතරතුර එම අනතුර සිදුව තිබුණු අතර කොරියාවේ සේවයේ නියුතුව සිටින ශ්‍රී ලාංකිකයෙක් අසනීපවීම හේතුවෙන් ඔහුගේ ප්‍රතිකාර සඳහා මුදල් සොයාගැනීමේ අරමුණින් එම ක්‍රිකට් තරගාවලිය සංවිධානය කර තිබුණා.

දකුණු කොරියාවේ නොක්සාන් නුවර ක්‍රිඩාංගණයකදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සංවිධානය කර තිබු එම තරගාවලිය අතරතුර ඒ ආසන්නයේ නවතා තිබු ලොරි රථයක කාර්මික කටයුත්තක් සඳහා පැමිණ සිටි කොරියානු ජාතිකයෙකුගේ හිස එක්වරම ලොරි රථයේ ඉදිරිපස කොටසේ සිරවී තිබුණා.

එහිදී යුහුසුළුව ක්‍රියාත්මක වූ ශ්‍රී ලාංකිකයින්, කොරියානු හදිසි අනතුරු සේවය හා එක්ව අනතුරට පත්වු කොරියානු ජාතිකයාගේ දිවි බේරාගැනීමට මහත් පරිශ්‍රමයකින් කටයුතු කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබෙනවා.

කෙසේවෙතත් බේරාගත් කොරියානු ජාතිකයා රෝහල් ගත කිරීමට එහිදී පියවර ගෙන තිබුණා.

  • Sithumi
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මහ කන්නයේ සිට පොහොර මිල අඩුවේ . . .

Sun Jun 11 , 2023
ලබන මහ කන්නයේ සිට යුරියා පොහොර මිටියක මිල රුපියල් 5000ට වඩා අඩු මුදලකට ගොවීන්ට ලබා දීමට රජය කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ (10) තිස්සමහාරාමයේ පැවැති ගොවි හමුවකට සහභාගි වෙමිනි. තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ සටහන හම්බන්තොට ජුල්පල්ලම හා කාවන්තිස්සපුර යන ප්‍රදේශවල දී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x