කොළඹ වරාය නගරයට රෝහලක් . . .

ආසිරි පෝට් සිටි හොස්පිටල් පෞද්ගලික සමාගම කොළඹ වරාය නගරයේ රෝහලක් සංවර්ධනය කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

එය අමෙරිකානු ඩොලර් මිලියන 100ක ආයෝජනයක් ලෙස සිදුකිරීමට නියමිතය.

2023 අංක 8 දරණ කොළඹ වරාය නගරය (ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර සඳහා නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ) නියෝග යටතේ මෙම ව්‍යාපෘතිය නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම සඳහා සුදුසුකම් සපුරා ඇතැයි අදාළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.

එම ව්‍යාපෘතිය ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් වශයෙන් ගැසට් පත්‍රයේ නියමයක් මඟින් ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව එකී නියමය පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

S M චන්ද්‍රසේනට, රංජිත්ට ජනතාව හූ කියා පන්නති . . .

Tue Jan 2 , 2024
පොහොට්ටු පක්ෂ මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන සහ ඔහුගේ සොහොයුරු හිටපු උතුරුමැද පළාත් හිටපු මහ ඇමති එස්.එම් චන්ද්‍රසේනට තඹුත්තේගම කෝන්වැව ප්‍රදේශයේදී ජනතාව හූ කියා පන්නා තිබේ. ඒ එම ප්‍රදේශයේ ජනතාවට පානීය ජල ව්‍යාපෘතියක් විවෘත කිරීම සඳහා පැමිණි අවස්ථාවේදීය. එම ජල ව්‍යාපෘතිය, මීට පෙර නාවික හමුදාවේද මැදිහත් වීමෙන් ජනතාව සමග සාකච්ඡා කර ආරම්භ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x