S M චන්ද්‍රසේනට, රංජිත්ට ජනතාව හූ කියා පන්නති . . .

පොහොට්ටු පක්ෂ මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන සහ ඔහුගේ සොහොයුරු හිටපු උතුරුමැද පළාත් හිටපු මහ ඇමති එස්.එම් චන්ද්‍රසේනට තඹුත්තේගම කෝන්වැව ප්‍රදේශයේදී ජනතාව හූ කියා පන්නා තිබේ.

ඒ එම ප්‍රදේශයේ ජනතාවට පානීය ජල ව්‍යාපෘතියක් විවෘත කිරීම සඳහා පැමිණි අවස්ථාවේදීය.

එම ජල ව්‍යාපෘතිය, මීට පෙර නාවික හමුදාවේද මැදිහත් වීමෙන් ජනතාව සමග සාකච්ඡා කර ආරම්භ කළ එකක් බවත් අද (02) දින එහි වතුර පෙරන (ෆිල්ටර්) සවි කර එය විවෘත කිරීමට නියමිතව තිබී ඇත. එම අවස්ථාවට සහභාගී වන ලෙස නාවික හමුදාව විසින් ජනතාවට දැනුම්දීමක්ද සිදු කර තිබේ. මේ අනුව ගම්වාසී ජනතාව ඊට සම්බන්ධ වූ පසු එහි ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස පොහොට්ටු පක්ෂ මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන සහ ඔහුගේ සොහොයුරු හිටපු උතුරුමැද පළාත් හිටපු මහ ඇමති එස්.එම් චන්ද්‍රසේන සහභාගී වී ඇත.

නාවික හමුදාවේද මැදිහත් වීමෙන් සිදු කළ කටයුත්තක් සඳහා මොවුන් දෙදෙනා සහභාගී වීම සම්බන්ධයෙන් විරෝධතා දැක් වූ ප්‍රදේශවාසීන් පිරිසක් ඉන් ඉවත් ගොස් ඇති අතර තවත් පිරිසක් මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේනට සහ රංජිත්ට දිගිදින් දිගටම විරෝධය දක්වා ඇත.

එහිදී පොහොට්ටු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන ජනතාවට පහරදීමටද උත්සාහ දරා තිබේ. එහිදි ජනතාවද දැඩිව විරෝධය දක්වා ඇති අතර ජනතා විරෝධය උත්සන්න වීමත් සමග පොහොට්ටු පක්ෂ මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන සහ ඔහුගේ සොහොයුරු හිටපු උතුරුමැද පළාත් හිටපු මහ ඇමති එස්.එම් චන්ද්‍රසේන ඉන් ඉවත් ගොස් ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මේ වසරේ තව බද්දක් ගහනවා - රනිල් . . .

Tue Jan 2 , 2024
නිවැරදි තීන්දු තීරණ සමඟ මෙම වසර තුළ ශ්‍රී ලංකාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය. ඒ වෙනුවෙන් වු අසීරු තීරණ තමා මේ වන විට ගෙන අවසන් බව පැවසු ජනාධිපතිවරයා දෝෂාරෝපණයට ලක් වුවද තමන් එම තීරණ ගත්තේ රට වෙනුවෙන් බවත්, රට රැක ගැනීමට අනෙකුත් දේශපාලනයන්ට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x