දකුණු කොරියාවේ විපක්ෂ නායක ලී ජේ මියාන්ග් පිහි ඇණුමකට ලක්ව ඇත. ඔහුගේ තත්ත්වය බරපතළ බවත්, දකුණු කොරියා විපක්ෂ නායක ලී ජේ මියාන්ග් බූසාන් නගරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදී මෙලෙස පිහි ඇණුමකට ලක්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහුගේ වම් ගෙල ප්‍රදේශයට මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. ප්‍රහාරය එල්ල කළ […]

දකුණු කොරියාවේ රොබෝ යන්ත්‍රයක් විසින් පුද්ගලයෙකුව පොඩි කර මරා දමා ඇති බව බීබීසි පුවත් සේවය වාර්තා කර ඇත. රොබෝ තාක්ෂණය භාවිතයට ගන්නා සමාගමක සේවකයෙකු වන 40 හැවිරිදි මෙම පුද්ගලයා, රොබෝවරයා පරීක්ෂා කරමින් සිටියදී මෙම සිද්ධිය සිදුව ඇති බව වාර්තා වේ. එම ආයතනයේ, එළවළු පෙට්ටි අසුරමින් සිටින අතරතුර ආහාර පෙට්ටිවලින් සේවකයාව […]

චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේගේ ‘පැරඩයිස්’ චිත්‍රපටය සිකුරාදා (ඔක්. 13) දකුණු කොරියාවේ 2023 බූසාන් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ කිම් ජීසොක් සම්මානය දිනා ගත්තේ ය. මලයාලම් බසින් නිර්මාණය වී ඇති පැරඩයිස් චිත්‍රපටය මිර්ලන් අබ්දිකලිකොව්ගේ ‘බ්‍රයිඩ් කිඩ්නැපින්ග්’ චිත්‍රපටය සමග එම සම්මානයට පාත්‍ර විය. 2017 වසරේදී පිහිටුවන ලද කිම් ජීසොක් සම්මානය, ආසියානු සිනමාව වෙනුවෙන් සිය […]

අනපේක්ෂිත ලෙස හදිසි අනතුරකට මුහුණදුන් කොරියානු ජාතිකයෙකුගේ දිවි බේරාගැනීමට ශ්‍රී ලාංකික තරුණයින් පිරිසක් කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලාංකිකයින් පිරිසක් සංවිධානය කර තිබූ ක්‍රිකට් තරගයක් අතරතුර එම අනතුර සිදුව තිබුණු අතර කොරියාවේ සේවයේ නියුතුව සිටින ශ්‍රී ලාංකිකයෙක් අසනීපවීම හේතුවෙන් ඔහුගේ ප්‍රතිකාර සඳහා මුදල් සොයාගැනීමේ අරමුණින් එම ක්‍රිකට් තරගාවලිය සංවිධානය කර තිබුණා. […]

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, දකුණු කොරියාවේ ගුවන් ගමනක් අතරතුර ගුවන් යානයේ දොර විවෘත කළ මගියෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ, Asiana ගුවන් සේවයට අයත් ගුවන් යානයක් දකුණු කොරියාවේ Daegu ජාත්‍යන්තර ගුවන්තොටුපලට ගොඩබස්වන අවස්ථාවේදී එහි හදිසි දොර විවෘත කළ පුද්ගලයෙකුයි. මගීන් 194 දෙනෙකු මෙම යානයේ සිට ඇති […]

දකුණු කොරියාවේ සියෝල් නගරයේ දී ලෝක සාම සම්මේලනය අමතමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදුකරන ලද විශේෂ දේශනය මෙහි දැක්වෙයි. ගෞරවනීය මූන් මැතිණියනි, ජාත්‍යන්තර විශ්ව සාම සම්මේලනයේ ගෞරවනීය සභාපති, ආචාර්ය තෝමස් ජී වොල්ෂ් මැතිතුමණි, ගෞරවණීය අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය යුන් යොන් හෝ මැතිතුමණි, රාජ්‍ය නායකයිනි, රාජ්‍ය තාන්ත්‍රිකයිනි, සම්භාවනීය ආරාධිතයිනි, නෝනාවරුණි, මහත්වරුණි, […]

ශ්‍රී ලාංකික තරුණයන් වෙනුවෙන් වැඩි   රැකියා අවස්ථා ලබා දීමට දකුණු කොරියාවේ  ප්‍රමුඛ පෙළේ  සමාගමක් වන ‘හුන්ඩායි’ (Hyundai)  තීරණය කර ඇත.එම සමාගමේ  ඉහළ පෙළේ නියෝජිත පිරිසක් නියෝජ්‍ය කතානායක  අජිත් රාජපක්ෂ හමුවූ අවස්ථාවේදී මෙම තීරණය දැනුම් දුන්හ. නියෝජ්‍ය කතානායකවරයාට මෙම දැනුම්දීම කළේ  දකුණු කොරියානු රැකියා සදහා  ශ්‍රී ලාංකික තරුණයන් තෝරා ගැනීමේ සම්මුඛ […]

2021දි මෝටර් රථ 484,567 ක් ප්‍රති නැව්ගත කරලා. 2022 වසරේ ආරම්භයේ සිට නොවැම්බර් දක්වා කාලපරිච්ඡේදය තුළ දී මෝටර් රථ 504,185 ක් හම්බන්තොට වරාය හරහා ප්‍රතිනැව්ගත කර ඇති බව වාර්තා වේ. මෙය පූර්ව වසර හා සැසඳීමේ දී 4% ක වර්ධනයකි. මෙලෙස හම්බන්තොට වරායට ඉන්දියාව, දකුණු කොරියාව, ජපානය හා මැදපෙරදිග රටවලින් වාහන […]

දකුණු කොරියාවේ පැවැති ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගිවීම සඳහා ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ නායිකාව අතුරුදහන් වී තිබේ. ඊයේ පැවති තරගයට සහභාගි වීමෙන් පසු කණ්ඩායම් නායිකා දුලානි පල්ලේකොන්ඩගේ මෙලෙස අතුරුදහන් වී ඇත. මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් කණ්ඩායම් කළමනාකරු විසින් කොරියානු පොලීසියට දන්වා ඇති අතර පොලිසිය විසින් ඇය සොයා විමර්ශන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.