රොබෝවරයෙක් මිනිසෙක් මරයි . . .

දකුණු කොරියාවේ රොබෝ යන්ත්‍රයක් විසින් පුද්ගලයෙකුව පොඩි කර මරා දමා ඇති බව බීබීසි පුවත් සේවය වාර්තා කර ඇත.

රොබෝ තාක්ෂණය භාවිතයට ගන්නා සමාගමක සේවකයෙකු වන 40 හැවිරිදි මෙම පුද්ගලයා, රොබෝවරයා පරීක්ෂා කරමින් සිටියදී මෙම සිද්ධිය සිදුව ඇති බව වාර්තා වේ.

එම ආයතනයේ, එළවළු පෙට්ටි අසුරමින් සිටින අතරතුර ආහාර පෙට්ටිවලින් සේවකයාව වෙන්කර හඳුනා ගැනීමට අපොහොසත් වූ මෙම රොබෝ යන්ත්‍රය, ඔහු අල්ලාගෙන ඔහුගේ සිරුර වාහක පටියට තල්ලු කර ඔහුගේ මුහුණ සහ පපුව තද කර මරා දැමූ බව බීබීසි පුවත් සේවය වාර්තා කර ඇත.

අනතුරින් පසු සේවකයාව රෝහල්ගත කර ඇතත්, පසුව ඔහු මියගොස් තිබේ.

සිද්ධියෙන් පසු ප්‍රකාශයක් නිකුත් කරමින්, අදාළ ආයතනය අයත් අපනයන කෘෂිකාර්මික ආයතනයේ නිලධාරියෙක් “නිශ්චිත සහ ආරක්ෂිත” පද්ධතියක් ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිට තිබේ.

මේ අතර, පසුගිය මාර්තු මාසයේදී, මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදන කම්හලක සේවය කරමින් සිටියදී, 50 හැවිරිදි දකුණු කොරියානු ජාතිකයෙකු රොබෝවරයෙකුට හසුවීමෙන් බරපතල තුවාල ලැබූ සිදුවීමක්ද වාර්තා විය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අල්ලස් ගත් කම්කරු නිලධාරියා මාට්ටු . . .

Thu Nov 9 , 2023
පනාගොඩ ප්‍රදේශයේ වෙළදසලක සේවය කරන සේවකයන් පස් දෙනකු අර්ථසාධක අරමුදලට සම්බන්ධ නොකර වෙළදසැල පවත්වාගෙන යාම සදහා එම ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ හතරක අල්ලසක් ඉල්ලා එයින් අත්තිකාරම් ලෙස රුපියල් පනස් දහසක මුදලක් ලබා ගත් කම්කරු දෙපාර්තුමේන්තුවේ කේෂ්ත්‍ර නිළධාරියකු අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. එම වෙළදසලෙහි සේවකයන් පස් දෙනා වෙනුවෙන් අර්ථසාධක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x